17th August 2023 20:53:06 Hours
ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති ලෙස රාජකාරි භාරගැනීමෙන් පසු මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්. එස් රත්නායක එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (අගෝස්තු මස 8) දින පලාලි, වාසවිලාන් හි පිහිටි 3 ශ්‍රී ලංකා සංඥා බලකා ඒකකය වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී.
3 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිළධාරී ලුතිනන් කර්නල් යූ.එල්.සී.ඩී පෙරේරා විසින් එම ඒකකය වෙත සපැමිණි ශ්‍රී ලංකා යුද හමුදාවේ ප්‍රධාන සංඥා නිලධාරි සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපති උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකරනු ලැබීය.
ශ්‍රී ලංකා සංඥා බලකායේ බලකාධිපතිතුමන් විසින් මෙම සංචාරය සිහිවනු වස් එම කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරන ලදී. පසුව එම ඒකකයේ නිලධාරීන් සහ සෙසු නිලයින් අමතා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු සහ පරිපාලන කටයුතු කඩිනම්ව සිදු කිරීම සඳහා තම දැක්ම පැහැදිලි කරන ලදී. එහිදී, 3 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිළධාරී විසින් එම ඒකකයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කටයුතු සහ පරිපාලන කටයුතු පිළිබඳව බලකාධිපතිතුමන් දැනුවත් කරන ලදී.
සංචාරය සඳහා ශ්‍රී ලංකා සංඥා බලකායේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහ ප්‍රධාන සංඥා නිලධාරී කාර්යාලයේ කර්නල් සම්බන්ධීකාරක ද සහභාගී වූහ.