24th November 2024 09:21:42 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී 2024 නොවැම්බර් මස19 දින ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ නිල සංචාරයක නිරත විය.
පුහුණු පාසල වෙත සපැමිණි ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරය පසුකරයාමේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් එම පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම සිදුකරන ලදී. පසුව, ස්වේච්ඡා බලකා පුහුණු පාසලේ සේනාවිධායකතුමන් වත්මන් පුහුණු ක්‍රියාකාරකම් සහ පුහුණු පාසලේ වර්ධනයන් පිළිබඳ කෙටි විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
සංචාරය අතරතුර දී එතුමන් සමග පරිපාලන සහයක ලිපිකරු පාඨමාලාවේ සිසුන් වාර්තාමය වැඩසටහනක් හරහා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගැනීම සිදුවිය. අනතුරුව මූලික තොරතුරු තාක්ෂණ පාඨමාලාවේ සිසුන් සඳහා ලිපි ද්‍රව්‍ය බෙදාදීම සහ පරිපාලන සහයක ලිපිකරු පාඨමාලාවට සහභාගි වූවන් සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් 4 (NVQ4) සහතික ප්රදානය කිරීම ද ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් විසින් සිදු කරන ලදී.
සියලුම නිලයන් අමතමින් ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කුසලතා සහ හැකියාවන් ඉහළ නැංවීම සඳහා පුහුණු පාසලේ වැදගත්කම අවධාරණය කළේය. අනතුරුව නායකත්වයේ, අවංකභාවයේ සහ වෘත්තීයභාවයේ වැදගත්කම අවධාරණය කරමින් එතුමන් නිලධාරීන්ගේ විශිෂ්ටතා පාඨමාලාව හදාරන නිලධාරීන් ද ආමන්ත්‍රණය කළේය.
සියලු නිල තේ පැන් සංග්‍රහයකින් අනතුරුව, කඳවුරේ නිරීක්ෂන සංචාරයකින් පසු නිල සංචාරයේ වැඩකටයුතු අවසන් විය. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් සහභාගී වූහ