12th July 2023 20:03:01 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක, මේජර් ජෙනරල් එස්.යූ.එම්.එන් මානගේ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පීඑස්සී ගේ සංකල්පයකට අනුව සංවිධානය කරන ලද දේශන මාලාවට සමගාමීව පැවැත්වූ මෙම දේශනය ‘Diners’ Club’ වැඩසටහන අතරතුරදී ඉකුත් සිකුරාදා (ජූලි මස 07) දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ ප්‍රවීණ දේශක දමිත් පල්ලෙවත්ත මහතා විසින් ‘තරුණ පරම්පරාවේ සංස්කෘතික හා චර්යාත්මක වෙනස්කම් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට සහ හමුදාවට බලපාන ආකාරය’ යන තේමාව ඔස්සේ දේශණයක් පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාව සඳහා ගෞරවනීය ආරාධිතයෙකු ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායකතුමන් සහභාගී විය.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී ගේ අධීක්‍ෂණය යටතේ පැවැත්විණී. සැසිවාරයේ ආරම්භය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ පුහුණු පරීක්‍ෂක බ්‍රිගේඩියර් ඩබ්ලිව්.ජී.පී. සිසිර කුමාර ආර්එස්පී විසින් එම අවස්ථාවට සපැමිණි ආරාධිතයින් පිළිගැනීමෙන් අනතුරුව ආරම්භක දේශනය සිදුකරන ලදී.
දමිත් පල්ලෙවත්ත මහතා සිදුකළ දේශනයේදී තෝරාගත් තේමාවට අදාළව විවිධ පැතිකඩයන් ඔස්සේ කරුණු ගෙනහැර දැක්වූ අතර, දේශනයේ තේමාවට අදාළ වන ඉගැන්වීමේ ක්‍රමවේදයන් සිදුකළ යුතු බව ද සඳහන් කළේය.
මෙම දේශනය සමාප්තියේ, ප්‍රශ්නෝත්තර සැසියක් පැවැත් වූ අතර, එහිදී දේශනය සඳහා සහභාගීවූවන්ට ඔවුන්ගේ දැනුම වර්ධනය කරගැනීමට හැකියාව ලැබිණි. සැසියේ සමාප්තිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක විසින් ආරාධිත කථිකයා වෙත ඇගයීමේ සංකේතයක් ලෙස සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ කර්නල් පුහුණු කර්නල් ටී.එස්.බී.ආර්. ප්‍රනාන්දු විසින් ස්තුති කතාව සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි, ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ඇතුලු ආරාධිතයින් පිරිසක් ද සහභාගී වූහ.