22nd August 2023 21:50:52 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සිය ධූරයේ රාජකාරි භාර ගැනීමෙන් පසු කන්කසන්තුරේ, 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත පසුගිය සඳුදා (අගෝස්තු මස 21) දින පළමු නිල සංචාරය සිදුකරන ලදී.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී වෙත ප්‍රධාන දොරටුව අභියසදී 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමූ අතර, අනතුරුව එම බලකායේ අණදෙන නිලධාරි මේජර් එච්.එල්.එස්.කේ ජයතිස්ස සහ සියලුම නිලධාරීන් විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී භටපිරිස් අමතා යුද්ධ හමුදාවේ විනය ඉහළම මට්ටමින් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරනය කල අතර, තම අතීත මතකයන්ද ආවර්ජනය කළේය. අනතුරුව එතුමන් සමූහ ඡායාරූප කිහිපයක් සඳහාද පෙනී සිටි අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක්ද රෝපනය කරන ලදී.
සියලු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා සහභාගී වෙමින් භටපිරිස් සමඟින් සුහඳව අදහස් හුවමාරු කර ගත් එතුමන් කඳවුරු පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර, අමුත්තන් සඳහා වූ පොතෙහි සමරු සටහනක්ද තැබීය.