30th November 2023 20:03:00 Hours
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාගේ ඉල්ලීමකට අනුව දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨය මගින් නොවැම්බර් මස 28 – 29 යන දිනයන්හිදී එම දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍යවරුන් සඳහා නායකත්ව පුහුණු වැඩසටහනක් පවත්වනු ලැබීය.
දෙදින වැඩමුළුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මේජර් එන්.එස්.පී ද සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්එස්පී යූඑස්පී පීඑස්සී විසින් පවත්වන ලදී. එහිදී න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව නායකත්වය, තීරණ ගැනීම, ගැටළු විසඳීම, සමාජ ආචාර විධි සහ ආතතිය කළමනාකරණය යන කරුණු කෙරෙහි අවධානය යොමු කරන ලදී.