01st October 2019 19:35:47 Hours
ශ්‍රී ලංකා හමුදා පොලිස් හේවා බලකා 29 වන සංවත්සර දින සැමරුම ඉකුත් සිකුරාදා (27) දින නාරාහෙන්පිට පිහිටි එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.
සංවත්සර දිනයට සමගාමීව විනෝදජනක අංගයක් ලෙස ජනප්‍රිය අධිරිද්ම සංගීත කණ්ඩායමක් වන ‘අප්ඩේට්’ සංගීත කණ්ඩායමේ සංගීතයට මුසුව ගායක ගායිකාවන්ගේ මියුරු ගී තනු සමගින් ‘ෂයිනි’ නර්තන කණ්ඩායමේ නර්තනයෙන් සන්ධ්‍යාව වර්ණවත් කෙරිණි.
මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කර්නල් සේනාවිධායක, මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු නිලධාරීන් 70 ක් සහ යුද්ධ හමුදා සාමාජිකයින් 700 කට ආසන්න පිරිසක් මෙන්ම සිවිල් සේවකයින් සහ තවත් පිරිසක් සහභාගී වූහ. best Running shoes brand | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp