Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th September 2023 20:59:22 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් ‘අපරාධ විමර්ශනය’ පිළිබඳ දැනුවත් කෙරේ

යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සීගේ මඟපෙන්වීම මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා විශේෂ විමර්ශන ඒකකයේ සේවයේ නියුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසුනිලයන් ‘අපරාධ විමර්ශනය’ පිළිබඳ දැනුවත් කිරීමේ අධ්‍යාපනික වැඩමුළුවේ තෙවන අදියර 2023 සැප්තැම්බර් මස 11 සිට 19 දින දක්වා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දේශන ශාලාවේදී පැවැත්විණි.

විශේෂ විමර්ශන ඒකකයේ අණදෙන නිලධාරී කර්නල් එම්.එම්.එම්.පී. මහේෂ් කුමාර ගේ අධීක්‍ෂණය මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණී. මේ වනවිට විමර්ශන රාජකාරීන්හී නියැලි සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සෙසුනිලයන් 35 දෙනෙකුට අධික පිරිසක් මෙම වැඩසටහන සඳහා සහභාගී වූ අතර එහිදී, විමර්ශන ක්‍රියාපටිපාටිවල විවිධ දෘෂ්ඨිකෝණයන් පිළිබඳව දැනුවත් කෙරිණි.

මෙම වැඩසටහනේදී, යුද්ධ හමුදා විගණන ක්‍රියාපටිපාටිය සහ අල්ලස් හා දූෂණ අනාවරණය, නිරීක්‍ෂණ ශිල්පීය ක්‍රම, ප්‍රකාශ විශ්ලේෂණය, මත්ද්‍රව්‍ය හඳුනාගැනීම, පශ්චාත් මරණ පරීක්‍ෂණ ක්‍රියා පටිපාටි පිළිබඳ අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු සතුවිය යුතු දැනුම, ටෙන්ඩර් පටිපාටිය, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙතින් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි ජාවාරම් උපක්‍රම පිළිබඳ දේශනය, විමර්ශන වාර්තා වලින් චෝදනා පත්‍ර සැකසීම, අධිකරණ වෛද්‍ය පරීක්‍ෂණ, ගිනි අවි ආශ්‍රිත විමර්ශන සහ අධිකරණ වෛද්‍ය ප්‍රාක්ෂේප විද්‍යාවේ හැසිරීම, DNA Serology සහ Digital Forensic Science හි සංකීර්ණතා, ප්‍රශ්න කරන ලද ලේඛන පරීක්ෂා කිරීම පිළිබඳ ගවේෂණ කිරීම වැනි මාතෘකා සාකච්ඡා කෙරිණි.

මෙම වැඩසටහනේ අවසන් අදියර පසුගිය අඟහරුවාදා (සැප්තැම්බර් මස 19) දින පැවති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහභාගී විය.

මෙම වැඩසටහනේදී තම දැනුම පුළුල් කරගැනීම සඳහා කාලය හා ශ්‍රමය යෙදවූ සියලුම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත් පිරිනැමිණි.

වැඩසටහන සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් ඇතුළු විශේෂ විමර්ශන ඒකකයේ උසස් නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.