20th August 2023 20:29:24 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය මගින් එම බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා එක් දින වැඩමුළුවක් පසුගිය බ්‍රහස්පතින්දා (අගෝස්තු මස 17) දින යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්වීය.
වැඩමුළුව මගින් න්‍යායාත්මක දැනුම වැඩි දියුණු කිරීම, බලඇණි තුළ ඔවුන්ගේ රාජකාරි ඉටු කිරීම සඳහා අදාල විෂය ක්ෂේත්‍රයන් පිළිබඳව පුළුල් දැනුමක් ලබාදීම මෙමගින් සිදුකරනු ලැබීය.
වැඩමුළුවේ විෂය නිර්දේශය සඳහා ඒකක පරිපාලනය, පරිපාලන සහ භටකාර්ය සම්පාදන ක්‍රියාවලිය, රෙජිමේන්තු ගිණුම්, කඳවුරු ආරක්‍ෂාව, විගණන ක්‍රියා පිළිවෙත, යුද්ධ හමුදා සිදුවීම්, විමර්ශන ක්‍රියාපටිපාටීන්, විමර්ෂණ රාජකාරි සහ විනය කඩකිරීම් සම්බන්ධයෙන් ගතයුතු ක්‍රියාමාර්ග ඇතුලත් විය.
වැඩමුළුව සඳහා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්, සරඹ උපදේශකවරුන්, රෙජිමේන්තු උපකරන පාලක සැරයන් මේජර්වරුන්, කන්ඩායම් භාර සැරයන් මේජර්වරුන්, ඒකකයන්හි විෂය භර ලිපිකරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් 85 දෙනෙකුට වැඩි පිරිසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ උපදෙස් මත පවත්වනු ලද මෙම වැඩමුළුව සඳහා එම බලකායේ මාණ්ඩලික නිලධාරීන් විසින් දේශන පවත්වනු ලැබූහ.
වැඩමුළුව අවසානයේදී පැවති සමාප්ති දේශනය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී, මධ්‍යස්ථාන සේනාවිධායක සහ අනෙකුත් නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.