Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

30th August 2021 17:37:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු 2020 ටෝකියෝ පැරාලිම්පික් තරගාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම හිමිකරගනී

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු සමත්විය. ටෝකියෝ හි මේ වනවිට පැවැත්වෙන 2020 පැරාලිම්පික් තරගාවලියේදී පළමු රන්පදක්කම දිනාගැනීමෙන් පැය කිහිපයකට පසුව F 64 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයෙන් කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ලෝකඩ පදක්කමක් දිනාගැනීම සුවිශේෂිත්වයකී.

මෙම ජයග්‍රහණය නිමිත්තෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා දුරකථනය ඔස්සේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු වෙත සිය සුබපැතුම් එක් කළේය.

ලෝකඩ පදක්කම්ලාභි කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු, 2018 වර්ෂයේ ඉන්දුනිසියාවේ පැවති ආසියානු පැරා ක්‍රීඩා තරඟාවලියට, 2019 වර්ෂයේ ඩුබායි ලෝක පැරා ක්‍රීඩා තරගාවලියට සහ ජාතික පැරා ක්‍රීඩා උළෙලට සහභාගි වු දක්‍ෂ ක්‍රීඩකයෙකි.

දෙණියාය ප්‍රදේශයේ උපත ලැබු කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු 2009 දෙසැම්බර් 05 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට එක්විය.