Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th March 2020 10:06:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ භටපිරිස් හමුවෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ආඥාපති මේජර් ජෙනරාල් එල්.පී.ආර්. ප්‍රේමලාල් ඉකුත් සිකුරාදා (13) දින කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිල සංචාරයක නිරතවිය.

මෙම සංචාරය අතරතුරදී, කර්නල් සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය. මෙම අවස්ථාව සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කිරීමට ද එතුමන්ට ආරාධනා ලැබිණි. ඉන් අනතුරුව, සමුහ ඡායාරූපයකට පෙනී සිටි එතුමන් භටපිරිස් ඇමතීමෙන් අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රහයකට ද එක්විය. spy offers | Women's Nike Air Max 270 trainers - Latest Releases