Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th September 2023 08:06:47 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු ක්‍රීඩිකාවන් වෙනුවෙන් ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දේශනයක්

ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කණ්ඩායමේ ක්‍රීඩිකාවන් සතු ක්‍රීඩා කුසලතාවයන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් ‘ක්‍රීඩා මනෝවිද්‍යාව’ පිළිබඳ දේශනයක් ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මූලිකත්වයෙන් අගෝස්තු මස 31 දින බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහිකිරීමේ අරමුණින් ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.ඒ.එම්. පීරිස් ආර්එස්පී යූඑස්පී පීඑස්සී ගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩා මනෝවිද්‍යාඥ කපිතන් ඕ.ඩී.එස්.කේ. රූපසිරි විසින් යුද්ධ හමුදා ක්‍රීඩිකාවන් වෙනුවෙන් මෙම දේශනය මෙහෙයවනු ලැබීය.

යුද්ධ හමුදා දැල්පන්දු කමිටුවේ ලේකම් මේජර් පී.එම්.එස්. අබේගුණවර්ධන ගේ සම්බන්ධීකරණය මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා දැල්පන්දු කමිටුවේ සභාපති බ්‍රිගේඩියර් ජේ.කේ.ආර්. ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී විසින් මෙම දේශනය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරනු ලැබීය.