17th February 2025 13:51:40 Hours
මේජර් ජෙනරල් යූ.කේ.ඩී.ඩී.පී උඩුගම RWP RSP USP ndc psc, ගේ නායකත්වයෙන් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච් බණ්ඩාරනායක USP සහ බ්‍රිගේඩියර් එස්.ඒ හෙට්ටිගේ RSP psc ගෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිත පිරිසක් 2025 පෙබරවාරි මස 10 දින ලෙබනනයේ, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේදී ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ නියෝජ්‍ය අණදෙන නිලධාරිතුමන් හමුවූහ.
සංචාරයේ නිරත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 2025 පෙබරවාරි මස 11 දින ශ්‍රී ලංකා හමුදා ආරක්‍ෂක භට කණ්ඩායමේ නිරීක්‍ෂණ සංචාරයක නිරත වූ අතර එම කණ්ඩායමේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ඩී. විතානගේ RSP විසින් ඔවුන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
මෙම සංචාරය අතරතුරදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නියෝජිත පිරිසේ ප්‍රධානී විසින් ලෙබනනයේ, නකූරා ප්‍රදේශයේ ස්ථාපිත එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ සේවයේ නිරත සියළුම නිලධාරින් සහ සෙසුනිලයන් සමඟ අදහස් හුවමාරු කරගනිමින් භටපිරිස් ආමන්ත්‍රණය කරන ලදී. එසේම සේවයේ නිරතව සිටියදී රණක්‍ෂිතයට පත් වූ යුද්ධ හමුදා සාමාජිකයන් දෙදෙනා සබැඳිව සිය කණගාටුව පළ කරන ලදී.