Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th August 2024 17:49:03 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024 ශූරතාවය රෙජිමේන්තු මධ්‍යස්ථානයට

අන්තර් බලඇණි ක්‍රිකට් තරඟාවලිය - 2024 අවසන් මහා තරඟය වව්නියාව කොක්එළිය 56 පාබල සේනාංක ක්‍රීඩාපිටියේදී පැවැත්විණි. එම තරඟාවලිය 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ භට පිරිස් විසින් 2024 අගෝස්තු මස 21 දින සංවිධානය කර තිබිණි. මෙම තරඟාවලිය වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම, 1,7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය සහ 2,3 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකාය නියොජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් 5ක් මෙම ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී විය.

අවසන් මහා තරඟාවලිය වෙනුවෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම සහ 2(ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා කණ්ඩායම අතර පැවති තියුණු තරඟයකින් අනතුරුව ඔල්වරසන් හා අත්පොලසන් හඬ මධ්‍යයේ එම තරඟාවලියේ ශූරතාවය රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායම විසින් හිමි කර ගන්නා ලදී. තරඟාවලියේ වීරයා ලෙස රෙජිමේන්තු මධ්‍යස්ථාන කණ්ඩායමේ ලුතිතන් ඕ.එස්.එන් ජයවර්ධන විසින් දිනා ගන්නා ලදී.

ප්‍රධාන ආරාධිත අමුත්තා වන 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස් කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමන් විසින් තරඟාවලියේ ශූරතා කුසලාන සහ කුසලතා සම්මාන ප්‍රදානය කරන ලදී. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන්ද සහභාගී වූහ.