Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd September 2020 19:46:01 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිවුන් සහෝදරයන් දෙදෙනා විශ්‍රාම දිවියට පා තබයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ එකම නිවුන් මේජර් ජෙනරාල්වරුන් දෙදෙනා වන බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න එකම පාසලේ ඉගෙනුම ලබා, එකම දිනයක ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳී, එකම කෙඩෙට් නිලධාරී පුහුණු පාඨමාලාව හදාරා එකම දිනයක අධිකාරියට පත්ව එකම දිනයක උසස්වීම් ලබා දශක තුනකට වැඩි කාලයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙනුවෙන් සේවය කර එකම දිනයක විශ්‍රාම දිවියට පා තබන මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනාගේ සේවය ඇගයුමට ලක් කරනු වස් බදාදා (02) දින යුද්ධ හමුදා මුලස්ථානයේ යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ඇගයීමට ලක් වූහ.

විශ්‍රාම යාමට නියමිත බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලයේ මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් පූරක සෙනෙවිරත්න වසර 32 කට නොවැඩි සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සහ ඔවුන්ගේ ඒකකයන්හී වගකීම් සහිත විවිධ තනතුරු රැසක් හොබවා ඇති මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා සමඟ පැවැති සුහද හමුවේදී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා අතීත මතකයන් සිහිපත් කරමින් ඔවුන් දෙපලගේ අනාගත බලාපොරොත්තු වෙනුවෙන් සිය සුභපැතුම් එක් කළේය. මෙම ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා වසර 70 ක ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසය තුළ යුද්ධ හමුදාව තුළින් විශ්‍රාම දිවියට එළඹී ප්‍රථම නිවුන් සහෝදර ජ්‍යේෂඨ නිලධාරීන් දෙදෙනා ලෙස ඉතිහාසයට නව සටහනක් එක්කළ වගයි.

විශ්‍රාම යාමට නියමිත ජ්‍යේෂ්ඨ නිවුන් සහෝදර නිලධාරීන් දෙදෙනාගේ යුද්ධ හමුදා ජීවිතය තුළ ඔවුන්ට මුහුණ පෑමට සිදු වූ සුවිශේෂි අවස්ථාවන් පිළිබඳ මතකයන් ආවර්ජනය කරමින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සමඟ සුහද පිළිසඳරක නිරත වූ අතර, මෙම සුහද හමුවේදී නික්මයන නිවුන් ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනා විසින් යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභපැතුම් සහ කාරුණිකභාවය වෙනුවෙන් ඔවුන්ගේ ස්තූතිය එතුමන්ට පුද කළේය.

අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් නික්ම යන ජ්‍යේෂ්ඨ නිලධාරීන්ගේ සේවය ඇගයුමට ලක් කරමින් සංකේතාත්මක විශේෂ සමරු තිළිණ ප්‍රදානය කළ අතර, විශ්‍රාම යන ජ්‍යේෂ්ඨ නිලධාරීන් එම සමරු තිළිණ ගෞරවයෙන් පිළිගන්නා ලදී. Sports brands | Nike Air Force 1 , Sneakers , Ietp STORE