26th December 2023 23:23:38 Hours
ලෙබනනයේ 14 වන ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ අණදෙන නිලධාරි කර්නල් ඩී.පී.එල්.ටී කළුඅග්ගල ආර්එස්පී යුඑස්පී අයිජි ඇතුළු නිලධාරින් පිරිසක් අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපැතුම් පිරිනමින් 2023 දෙසැම්බර් මස 24 දින ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ දූත මණ්ඩල ප්‍රධානී සහ බලසේනාධිපති ලුතිතන් ජෙනරල් ඇරොල්ඩෝ ලාසාරෝ (Lieutenant General Aroldo Lázaro Sáenz) හමුවිය.
මෙම සංචාරයෙන් අනතුරුව පැවති හමුවේදී, එක්සත් ජාතීන්ගේ අතුරු බලකා මූලස්ථානයේ ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් ශ්‍රී ලංකා මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායමේ නොපසුබට කැපවීම ඇගයීමට ලක් විය.
පසුව එම දූත පිරිස මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් සෙඩ්රික් ගාඩින් (Brigadier Cedric Gardin) විශේෂ මාණ්ඩලික ප්‍රධානී සහ බලසේනාපති කර්නල් ෆෙලිපේ ක්වෙටෝ ෆර්නැන්ඩස් (Colonel Felipe Queto Fernandez) හමුවු අතර ඔවුන් සංචාරයේ නිරත දූත පිරිස වෙත සමරු තිළිණ ප්‍රදානය කරනු ලැබූහ.