Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2024 21:53:02 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ආධුනික පාඨමාලා - අංක 108 විසිර යයි

බූස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා පාබල හමුදා පුහුණු පාසලේ ආධුනික පාඨමාලා අංක -108 විසිර යාමේ පෙළපාලිය 2024 මැයි මස 03 දින එම පුහුණු පාසලේ දී පැවැත් විය.

මෙම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහභාගී විය. බඳවාගත් ආධුනික සෙබළුන් 450 සමන්විත මෙම පාඨමාලාව 2023 ඔක්තෝබර් මස 30 දින අරම්භ කරමින‍් 2024 මැයි මස 03 දින දක්වා පවත්වන ලදී. විසිරයාමේ පෙළපාලිය නැරඹීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන්, දෙමාපියන් සහ ඥාතීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.

පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ පහත සඳහාන් ආධුනික සෙබළුන් වෙත ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් කුසලාන ප්‍රදානය කරන ලදී.

සෑම අතින්ම අතිශූර සෙබළා - ආධුනික සෙබළ ආර්.එන්.සී.එස් රත්නායක

හොඳම ශාරීරික යෝග්‍යතාවය හෙබි සෙබළා - ආධුනික සෙබළ අයි.ජී.අයි. බණ්ඩාර

දක්‍ෂතම වෙඩික්කරු - ආධුනික සෙබළ එස්.ටී. අබේසේකර