Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

29th April 2025 21:52:42 Hours

ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම මියන්මාරයේ සිටි නැවත දිවයිනට

මියන්මාරයේ සිදු වූ භූමිකම්පනය හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පසුව සහන සේවා මෙහෙයුම් කටයුතු සැපයීම සඳහා ගොස් තිබූ ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම, තම සහන සේවා මෙහෙයුම සාර්ථකව නිමා කිරීමෙන් පසු 2025 අප්‍රේල් මස 26 දින නැවත දිවයිනට පැමිණියේය.

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට ආපසු පැමිණි ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම පර්යේෂණ සංකල්ප හා මූලධර්ම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ජනරාල් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මියන්මාරයේ සිදුවු භූමිකම්පනය හේතුවෙන් ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන සේවා මෙහෙයුම් කටයුතු සැපයීම සඳහා අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි යුද, නාවික සහ ගුවන් හමුදා සාමාජිකයන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිවිධ හමුදා කණ්ඩායමක් 2025 අප්‍රේල් මස 05 දින මියන්මාරය බලා දිවයිනෙන් පිටත්ව යන ලදී.

එම, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම යැන්ගොන් සිට කිලෝමීටර් 450 ක් පමණ දුරින් පිහිටි නයිපිඩෝ පළාතට ගොස් සහන සේවා මෙහෙයුම් ප්‍රථමයෙන් ආරම්භ කළ අතර, එසේම භූමිකම්පාවෙන් දැඩි ලෙස හානියට පත් වූ ප්‍රදේශවලින් එකක් වන පොබ්බා තිරි නගරයද මෙම කණ්ඩායම විසින් අපදා සහන සේවා මෙහෙයුම් සිදු කරන ලදී.

ඇති වූ භූමිකම්පනය හේතුවෙන් අවතැන් වූ ජනතාවට සහන සැපයිම සඳහා ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදා මානුෂීය සහන සේවා මෙහෙයුම් කණ්ඩායම හදිසි සෞඛ්‍ය සේවා සැපයීම සඳහා ජංගම වෛද්‍ය සායන ස්ථාපිත කළ අතර, එම සායන මඟින් තාවකාලික නවාතැන් වල ජීවත් වන කාන්තාවන් සහ ළමුන් ඇතුළු අවදානමට ලක්විය හැකි කණ්ඩායම් වෙනුවෙන් තුවාල සඳහා ප්‍රතිකාර සහ රෝග වැළැක්වීම සඳහා වෛද්‍ය ආධාර ලබා දෙන ලදී.