Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th April 2025 10:09:24 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් සුභසාධන ව්‍යපෘතියක්

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුමංගලී පතිරවිතාන මහත්මියගේ මූලිකත්වයෙන් එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රයේදී 2025 මාර්තු මස 05 දින පොල්ලෙලි ‘චිප්ස්’ කැපීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලදී.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රණවිරුවන්ට, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට සහ සිවිල් සේවක මහතුන්ට සහය වීම සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය. ව්‍යාපෘතියේ ආරම්භක අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය ඇතුළු සාමාජිකාවන්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.