Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

07th October 2023 14:36:37 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මහසභා රැස්වීම පැවැත්වේ

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ මහසභා රැස්වීම පසුගිය සෙනසුරාදා (සැප්තැම්බර් මස 23) දින හෙරලියාවල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එහිදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ පවුල්වල ආබාධිත දරුවන් සහ අ.පො.ස (උ/පෙළ) විභාග සාමාර්ථයන් වෙනුවෙන් මූල්‍ය ආධාර ලබාදුන්හ.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර එතුමියගේ සුරතින් එම දිරිගැන්වීම් ප්‍රදානය කෙරිණි. මෙම අවස්ථාවේදී, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන්ගේ පවුල්වල අවශ්‍යතා සහිත දරු දැරියන් වෙනුවෙන් රෝද පුටු කිහිපයක් ද පරිත්‍යාග කරනු ලැබීය.

යුද්ධ හමුදාධිපති, ගජබා රෙජිමේන්තුවේ සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩියූ ගේ මඟපෙන්වීම මත මෙම මහසභා රැස්වීම පැවැත්විණි.