Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

06th January 2016 17:48:55 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු විරු දරුවන් 47 දෙනෙකු සදහා ශිෂ්‍යත්ව පිරිනමයි

ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව විසින් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ අගහරුවාදා (29) දින සංවිධානය කරනු ලැබූ ‘ගාඩියන්ස් මේලා’ සැණකෙලියට සමගාමීව දේශය වෙනුවෙන් දිවි පිදූ ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ විරු දරුවන් සදහා රිකී විජේසිංහ මහතාගේ සහ බිශ්රි ලතිෆ් මහතාගේ අනුග්‍ර‍යෙන් ශිෂ්‍යත්ව ප්‍ර‍ධානය කිරීමේ වැඩසටහනක් එම රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබීය. ශ්‍රී ලංකා ජතික ආරක්ෂක බලමුළුවෙහි කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරාගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී. මෙහිදී රිකී විජේසිංහ මහතා ඔහුගේ දෙමව්පියන් වන ජස්ටින් සිල්වා විජේසිංහ මහතා සහ එවිලින් සිල්වා විජේසිංහ මහත්මිය සිහිගැන්වීම පිණිස රුපියල් මිලියනයක් ද බිශ්රි ලතිෆ් මහතා විසින් රුපියල් ලක්ෂ 2 ද විරු දරුවන් 47 දෙනෙකු අතර ශිෂ්‍යත්වය ලෙස බෙදා දීම සදහා පරිත්‍යාග කරන ලදී. මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස නියෝජ්‍ය මාණ්ඩලික ප්‍ර‍ධානී මේජර් ජෙනරාල් මහින්ද අඹන්පොළ, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කර්නල් සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, විරු දරු දැරියන් සහ දෙමව්පියන් සහභාගි වූහ.bridge media | Top Quality adidas Yeezy 700 V3 "Eremiel" GY0189 , Ietp