Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

24th July 2019 22:50:26 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යුද්ධ හමුදා දිවියෙන් නික්ම යයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ හිටපු ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වසර 35 කට අධික කාලයක් පුරාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත ප්‍රශංසනීය හා කැපීපෙනෙන සේවයක් ඉටුකර ඉකුත් සඳුදා (22) දින මත්තේගොඩ පිහිටි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා මූලස්ථානයේදී යුද්ධ හමුදා දිවියෙන් නික්ම ගියහ.

සිය ධූර කාලයෙන් නික්මයන අවසන් දිනයේදී, ඉංජිනේරු බලකා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ප්‍රධාන දොරටුව අභියසදී ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් රවින්ද්‍ර ඩයස් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් එතුමන් වෙත පිරිනමනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් මව්බිම වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කරමින් ඉංජිනේරු බලකා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය අභියසදී පුෂ්පෝපහාර පුදකරන ලදී. තවද, එහිදී පැවැති වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියේ ගෞරවාචාරය ද එතුමන් වෙත පිරිනමන ලදී. ඉන් අනතුරුව, බළලත් නිලධාරී හා සැරයන් නිවස්නයේ පැවැති සියලුනිල තේපැන් සංග්‍රහය සඳහා එතුමන් සමඟ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද සහභාගි විය. නික්මයාමේ උත්සවය අවසානයේ උපයෝගිතා ගොඩනැගිල්ලේදී එතුමන් වෙනුවෙන් පැවති වූ සියළුනිල දිවාභෝජන සංග්‍රහය සඳහා ද සහභාගි විය. දිවා ආහාරයෙන් පසුව නික්ම ගිය මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි වෙත ඉංජිනේරු බලකායේ සියළුම නිලධාරීන් සහ සෙසු නිලයින් එතුමන්ගේ නිල රථය ගමන් ගන්නා මාර්ගය දෙපස රැඳී සිට එතුමන් හට සිය ගෞරවාචාරය පුද කරනු ලැබීය.

වර්ෂ 1984 මාර්තු මාසයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැඳුණු මේජර් ජෙනරාල් හෙට්ටිආරච්චි වර්ෂ 1985 නොවැම්බර් මස 16 දින දෙවන ලුතිනන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව එතැන් සිට පුරා වසර 35 කට අධික නොකැළැල් සේවා කාලයක් සම්පූර්ණ කරන ලදී.

මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි යුද්ධ හමුදා දිවිය තුළදී, විවිධ මට්ටමේ අණදීමේ ධූරයන් රැසක් හොබවා ඇත.

මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් යුද්ධ හමුදා දිවිය තුළදී හෙබවූ ධූරයන් පහතින් දැක්වේ:

යාපනයේ පිහිටි 5 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි (2000 - 2003)

කන්තලේ පිහිටි 222 වන පාබල බලසේනාවේ බලසේනාධිපති (2010 - 2011)

ත්‍රිකුණාමලයේ පිහිටි 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති (2012 - 2013)

මඩකලපුව, පූනානී පිහිටි 23 පාබල සේනාංකයේ සේනාංකාධිපති (2014 - 2016)

නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති (2016 - 2017)

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති (වර්ෂ 2017 මාර්තු 28 සිට වර්ෂ 2019 ජූලි දක්වා) url clone | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ