Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
20th January 2016 17:07:33 Hours
ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල චිකිත්සක තටාකය මිහිඳු සෙත් මැඳුරේ දී ජනපති සුරතින් විවෘත කෙරෙයි
අත්තිඩිය මිහිඳු සෙත් මැඳුරේ ඉදිකරන ලද ශ්‍රී ලංකාවේ ප්‍රථම ජල චිකිත්සක තටාකය අඟහරුවාදා (19) දින උත්සවාකාරයෙන් විවෘත කිරිමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රටේ ස්වෛරිභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරකිමට කැපවන බවත්, 2009 මැයි මස 18 වන දින පරාජය කළ එල්ටීටි ත්‍රස්තවාදය නැවත හිස එසවීම වැළැක්වීමට රජය ගන්නා ක්‍රියා මාර්ගයන්ට එරෙහිව යම්යම් පාර්ශව එල්ල කරන චෝදනා පදනම් විරහිත බවත්, රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කිරීමට කැපවන බවත් ප්‍රකාශ කරන ලදි. මෙහිදි තවදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කර සිටියේ එල්ටීටීඊ ත්‍රස්තවාදය යළි හිස එසවීම වැළැක්වීමට නම් අපගේ වගකිම නිසිලෙස හඳුනාගැනීම ඉතා වැදගත් බවයි. විරෝදාර රණවිරුවන් එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කළ නමුත් එල්ටීටීඊ මතවාද තවමත් පවතින බැවින් එය ද පරාජය කිරීම රජයේ වගකීමක් බව ද එතුමා ප්‍රකාශ කර සිටියහ. රජය උතුරේ හමුදාව ඉවත්කිරීම හේතුවෙන් ජාතික ආරක්ෂාවට හානියක් සිදුවන බව හා එවැනි කටයුතු සිදුකරන්නේ බටහිර රටවල බලපෑම අනුව බවට ඇතැම් මාධ්‍ය වෙතින් සිදු කරන ප්‍රකාශ අසත්‍ය බවත්, බටහිර රටවල කිසිදු බලපෑමක් නොමැති බවත් ජනාධිපතිතුමා විසින් තරයේ ප්‍රකාශ කරන ලදි. පටු දේශපාලන මත පදනම් කරගෙන එවැනි ප්‍රකාශ නිකුත් කරන බව ද මෙහිදි පැවසිය. “මා එක්සත් ජාතීන්ගේ සැසි වාරයන්හි දී අපේ සන්නද්ධ හමුදා සාමාජිකයන් වෙත ඔවුන්ගේ පැවැත්ම සඳහා පුහුණු වැඩසටහන් පෙර පරිදිම නැවත ආරම්භ කිරීමට කටයුතු කරන ලෙස විදේශීය මිත්‍රශීලි රාජ්‍යයන්ගෙන් ඉල්ලා සිටියා. ඔවුන් ඒ සඳහා යහපත් ප්‍රතිචාර දැක් වූ අතර, දැනට එම පුහුණු වැඩසටහන් ක්‍රියාත්මකවනවා. චින, ඉන්දීය, ජපාන් හි යුද නෞකා සුහදත්වයේ සංකේතයක් ලෙස අප රටට පැමිණෙනවා. අපේ විදේශ සබඳතා තවදුරටත් වර්ධනය වන අතර ඉන්දියාව, පාකිස්තානය, චීනය, එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය යන සියලු රටවල් අනාගතයේ දී අපගේ සන්නද්ධ හමුදාවන් වෙත පුහුණු විශේෂඥ දැනුම ලබාදීම සඳහා උපකාරී වනු බව මට විශ්වාසයි ” යනුවෙන් ද ජනාධිපතිතුමා විසින් මෙහිදි කියා සිටින ලදි. අපේ රටට සාමය උදාකිරීමට උර දී ක්‍රියාකල රණවිරුවන් රැක බලා ගැනීම සමාජයේ වගකීමක් වන බවද අප ඔවුන් හට සදා ණයගැති බව ද ඊයෙත්, අදත්, හෙටත් ඔවුනට ප්‍රණාමය පුද කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය. යුද හමුදා සුභසාධන ව්‍යාපෘතියට අනුව සිදු කරන නිවාස ඉදිකිරීම් කටයුතු යටතේ අලුතින් ඉදිකරන ලද නිවාස හා අර්ධ වශයෙන් නිමා කළ නිවාස හිමි වූ මිහිඳු සෙත් මැඳුරේ නේවාසිකව ප්‍රතිකාර ලබන්නන් 13 දෙනෙකු වෙත නීත්‍යානුකූලව ලියවිලි හා අදාළ නිවාස ඔප්පු මෙහිදී ජනාධිපතිතුමා විසින් පිරිනමන ලදි. රැපියල් මිලියන 15 ක වියදමින් ඉදිකළ මෙම ජල චිකිත්සක තටාක ව්‍යාපෘතියට උරදුන් තරුණ ඉදිකිරීම්කරුවන්ගේ සංසදයේ සේවය අගයමින් එහි සභාපති රොෂාන් මාදරසිංහ මහතා වෙත ජනාධිපතිතුමා විසින් සමරු තිළිණයක් ද පිරිනමන ලදි. මෙයට අමතරව, සමාජ සේවිකා ඒ. දේවපුර මහත්මිය විසින් මිහිඳු සෙත් මැඳුරේ අවශ්‍යතා සඳහා රුපියල් මිලියන 1 ක් වටිනා උපාංග තොගයක් පරිත්‍යාග කිරිම ජනාධිපතිතුමා විසින් මෙහිදි සංකේතාත්මකව අගය සිදුකෙරිනි. යුද හමුදාවේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත මිහිඳු සෙත් මැඳුරේ සේනාවිධායක කර්නල් අයි.ජි.ආර්.ජි. බෝගහවත්ත විසින් විශේෂ සමරු තිළිණයක් ද පිරිනමන ලදි. ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මෙහි පිළිගැනිමේ කථාව පැවැත් වූ අතර, හැකි සෑමවිටම ආබාධිත රණවිරුවන්ගේ සුබසාධන කටයුතු සඳහා සහාය වන බවද එහිදි සහතික විය. තවද නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවෙකු විසින් සිදු කළ කථාවේ දී ප්‍රථමවරට ශ්‍රී ලංකාව තුල මෙවැනි තටාකයක් ඉදිකිරීමේ වැදගත්මක අවධාරණය කරන ලදි. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ආර්.සී. විජේගුණරත්න, ගුවන් හමුදා හා පොලිස් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, තරුණ ඉදිකිරීම්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින්, පුනරුත්ථාපන අධ්යක්ෂ, සම්භාවනීය අමුත්තන් මෙන්ම මෙහි නේවාසික රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයන් ද මෙම උත්සව අවස්ථාව සඳහා එක්ව සිටි අතර, නේවාසික රණවිරුවන් කිහිපදෙනෙකු සහ පාසල් සිසුන් පිරිසක් විසින් ඉදිරිපත් කළ ජල නර්ථන අංගය මඟින් මෙම අවස්ථාව තවත් වර්ණවත් විය. ප්‍රධාන උත්සවයෙන් අනතුරුව, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, තරුණ ඉදිකිරීම්කරුවන්ගේ සංසදයේ සාමාජිකයින් හමු වූ අතර, ඔවුන්ගේ එම පරිත්‍යාගශීලිත්වය පිළිබඳ ඔවුන් සැමටම වෙන වෙනම ස්තුතිය පුද කරන ලදි. මිටර් 16.2 X මිටර් 12.6 ප්‍රමාණයට ඉදිකරන ලද මෙම ජල තටාකයේ බෑවුමේ ගැඹුර තුන් ආකාරයකට නිම කොට ඇති අතර, ආබාධිත සෙබලුන්ගේ එම ආබාධිත තත්වයන්ට ගැලපෙන ලෙස එසේ ඉදි කොට ඇත. රෝද පුටු මත හිද ජල චිකිත්සාව ලබා ගත හැකි ආකාරයට මෙන්ම මෙම ජල තටාකය තුලින් භෞත චිකිත්සකවේදීන් සිවු දෙනෙකු යටතේ එකවර රෝගීන් 20 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා ගත හැකිය.
latest Running Sneakers
|
Air Jordan Release Dates 2020