Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

08th May 2024 10:23:17 Hours

ශ්‍රී පාද වන්දනාවේ නිරත විශ්වවිද්‍යාල සිසුන්ට සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින්ට 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් සහය වෙති

2024 මැයි මස 01 දින සිට මැයි මස 02 දින දක්වා ශ්‍රී පාද වන්දනාවේ නිරත මොරටුව විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් පිරිසකගේ ඉල්ලීමකට අනුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී ගේ උපදෙස් මත 19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස් විසින් ඔවුන්ගේ එම වන්දනා ගමන සඳහා අවශ්‍ය නවාතැන් පහසුකම් සහ ආහාරපාන ලබා දුන්හ.

19 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරිතුමන්ගේ අධීක්‍ෂණය යටතේ, එම ඒකකයේ භටපිරිස් සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය විසින් පවත්වාගෙන යනු ලබන ‘සමනල අරණ නිවාඩු නිකේතනයේ’ නවාතැන් පහසුකම් ලබාදී එම සිසුන් සහ දෘශ්‍යාබාධිත පුද්ගලයින් 40 දෙනෙකු සඳහා ආහාර ද පිළියෙළ කර දෙනු ලැබූහ.