Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

17th December 2024 13:58:07 Hours

ශ්‍රී පාදස්ථාන විහාරස්ථානයේ පිහිටි අම්බලම යුද්ධ හමුදාවේ මූලික්තවයෙන් ප්‍රතිසංස්කරණය කරයි

19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්, ඉංජිනේරු සේවා රෙජිමේන්තුව සමඟ ඒකාබද්ධව පූජනීය ශ්‍රී පාදස්ථාන විහාරස්ථානයේ සීතගඟුල ප්‍රදේශයේ පිහිටි අම්බලම ප්‍රතිසංස්කරණය කරනු ලැබීය. 19 බලඇණිය ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරී මේජර් එච්.ජී.කේ.එච්. ගුණරත්න ගේ මඟපෙන්වීම මත මෙම ව්‍යාපෘතිය සාර්ථකව අවසන් කෙරිණි.

ශ්‍රී පාදස්ථාන වන්දනා සමයේදී දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ විඩාව නිවාගැනීම සඳහා භාවිතා කරනු ලබන මෙම අම්බලමේ ප්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ සුරතින් නිල වශයෙන් විවෘත කරනු ලැබීය.

මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, 642 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ නිලධාරින් පිරිසක් සහභාගී වූහ.