Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

14th May 2025 12:18:48 Hours

ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය වෙසක් පොහොය දිනෙන් අවසන් වෙයි

ලොව පුරා ජනතාවගේ ගෞරවයට පාත්‍ර වූ ශ්‍රී පාදස්ථානය වන්දනා කිරීමේ සමය 2025 මැයි මස 12 දින වෙසක් පොහොය දිනයෙන් අවසන් විය.

පසු දින , ශ්‍රී පාදස්ථාන උඩමළුවේ සිට නල්ලතන්නිය දක්වා ශ්‍රී සුමන සමන් දේව ප්‍රතිමාව, ධාතු කරඬුව සහ දේව ආභරණ වැඩම කිරීමේ පූජනීය උත්සවය ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්.එන්.එච් බණ්ඩාරනායක USP ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙම අවස්ථාවට 11 පාබල සේනාංකයේ සේනාංකාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගි වූහ.