Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2016 09:34:06 Hours

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා රණවිරුවන්ගේ ළමුන් සඳහා පරිත්‍යාග

ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ සේවා වනිතා ඒකකය විසින් එම රෙජිමේන්තුවෙහි දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරු පවුල්වල පාසල් දුවා දරුවන් සඳහා පාසල් පොත් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙතින් මූල්‍යාධාර සහිත පාස් පොත් බෙදාදීමේ උත්සවය අඟහරුවාදා (29) දින පස්වරුවෙහි කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වනු ලැබීය.

එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නයනා ද සිල්වා මහත්මිය, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් රේණුක උඩවත්ත සමගින් ශ්‍රී ලංකා යුද හමුදා යු‍ධෝපකරණ බලකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි දීපිකා උඩවත්ත මහත්මිය විසින් පිළිගනු ලැබීය.

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහ යුද හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපති නයනා ද සිල්වා මහත්මිය විසින් සම්ප්‍රදායානුකූලව පොල් තෙල් පහන දැල්වීමෙන් අනතුරුව මෙම වැඩසටහන ආරම්භ වූ අතර, ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි දීපිකා උඩවත්ත මහත්මිය විසින් පිළිගැනීමේ කථාව සිදු කරනු ලැබීය.

එහිදී 5 වසර ශිෂ්‍යත්ව විභාගය සමත් පාසල් සිසුන් සිය දෙනෙකු සඳහා රුපියල් මිලියන 1.2 ක් වටිනා ශිෂ්‍යත්ව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙහි ශිෂ්‍යත්ව 50 ක් පරිත්‍යාග කරනු ලැබීය.

එමෙන්ම යුද හමුදාපතිතුමා විසින් පොත් පාර්සල් 28 ක් සහ මූල්‍යමය පරිත්‍යාග 100 ක් සංකේතාත්මකව මෙහිදි පිරිනමනු ලැබීය.

ඒ අනුව එහිදි පාසල් සිසුන් 1482 කු සඳහා රුපියල් මිලියන 1.1 ක ත්‍යාග පාර්සල් ද බෙදාදෙන ලදි.

දේශයේ තිරසාර සාමය උදෙසා ජීවිත කැප කල රණවිරුවන්ගේ, දුවා දරුවන්ගේ අධ්‍යාපනය තව තවත් නඟාසිටුවීම උදෙසා මෙම පරිත්‍යාග සිදු කර ඇත.

එම පරිත්‍යාගයන් බෙදාදීම සඳහා ජාතික ඉතිරිකිරීමේ බැංකුවෙහි සභාපති අස්වින් ද සිල්වා මහතා සහ ජාතික ඉතිරි කිරීමෙහි බැංකුවෙහි ප්‍රධාන විධායක නිලධාරී එස්.ඩී.එන් පෙරේරා මහතා ද එක් වූහ.

එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්, සෙසු නිලයින් සහ විරු පවුල්වල සාමාජිකයින් රැසක් සහභාගි වූහ.

එමෙන්ම මේ සඳහා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් චන්න ගුණතිලක ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

bridge media | Air Jordan Retro - 2021 Release Dates + Preview , Fitforhealth