Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th June 2020 05:44:59 Hours

වෛරසය ආසාදනය වූ කිසිදු පුද්ගලයෙකු අලුතින් වාර්තා නොවන බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි

UL 1710 දරණ මගී ගුවන් යානයෙන් අද (21) දින උදෑසන පුද්ගලයින් 291 දෙනෙකු මැඩගස්කර සිට මෙරටට පැමිණ ඇති අතර අද (21) දින මධ්‍යහනේදී UL 102 දරණ මගී ගුවන් යානය මගින් පුද්ගලයින් 275 දෙනෙකු මාලි රාජයේ සිට සහ පුද්ගලයින් 50 දෙනෙකු රැගත් UL 607 දරණ මගී ගුවන් යානය ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට පැමිණිමට නියමිතව ඇත. එසේ පැමිණෙන ඔවුන් සියලුදෙනා ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වී‍මේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය අද (21) දින උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම, අද (21) දින ඩොල්‍ෆින් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 13 ක්, වස්කඩුව සිට්‍රස් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 15 ක්, බ්ලු වෝටර් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 34 ක්, කොස්ගොඩ ෂෙල්ටන් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 34 ක්, ඊඩන් ගාඩන් හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 235 ක්, රන්වැලි හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයින් 86 ක් සහ අනර්වා හෝටලයේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පුද්ගලයෙකු ඇතුළු පුද්ගලයින් 418 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලියෙන් අනතුරුව PCR පරීක්‍ෂණ සිදුකර සිය නිවෙස් වෙත පිටත් කර හෑරීමට සියලු කටයුතු සුදානම් කර ඇත.

ඒ අනුව, අද (21) දින වනවිට ත්‍රිවිධ හමුදාව විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 15,553 දෙනෙකු නිරෝධායන ක්‍රියාවලිය අවසන්වී තම නිවෙස් වෙත පිටව ගොස් ඇත. එසේම, ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 39 ක් තුළ පුද්ගලයින් 3,756 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටියි.

අද (21) දින උදෑසන 0600 පැය වනවිට කොවිඩ්-19 ආසාදිත කිසිදු පුද්ගලයෙකු වාර්තා නොවන අතර, පුද්ගලයන් 26 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇත. ඉන් 14 දෙනෙකු විදේශයන්හි සිට පැමිණි පුද්ගලයන් වන අතර 12 දෙනෙකු නාවික විරෝදාර රණවිරුවන් ලෙස වාර්තා වන බව අද (21) දින නිවේදනයේ සඳහන් වේ. Authentic Sneakers | Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信!