02nd June 2024 18:58:00 Hours
වෙසක් උත්සවය නිමිත්තෙන් 213 පාබල බලසේනාවේ භටපිරිස් විසින් ප්‍රාදේශීය යුධෝපකරණ ගබඩාව සමඟ එක්ව 2024 මැයි මස 23 දින රොටි සහ කුරක්කන් කැඳ දන්සලක් පැවැත්වීය. එම බලසේනාවේ බලසේනාධීපති කර්නල් පී.එම්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී ගේ මඟපෙන්වීම මත එම බලසේනා මූලස්ථානය ඉදිරිපිටදී මෙම දන්සැල පැවැත්වීය.
මෙම දන්සැල සඳහා එම ප්‍රදේශයේ බැතිමතුන් විශාල සංඛ්‍යාවක් සහභාගී වූහ.
මෙම අවස්ථාවට 213 පාබල බලසේනාවේ බලසේනාධිපති ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.