27th May 2024 17:38:27 Hours
වෙසක් උත්සවයට සමගාමීව 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්. කස්තුරිමුදලි ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ගේ මඟපෙන්වීම සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි උදුලා කස්තුරිමුදලි මහත්මියගේ අධීක්‍ෂණය මත 2024 මැයි මස 23 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඉදිරිපිටදී පොල් රොටි සහ බෙලි මල් දන්සලක් පැවැත්වීය.
මෙම දන්සැල සඳහා එම ප්‍රදේශය අවට වෙසෙන සිවිල් වැසියන් විශාල පිරිසක් සහභාගි වූහ. මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගි වූහ.