04th March 2024 13:30:05 Hours
විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව මගින් පල්ලෙපොල, වල්මෝරුව ප්‍රාථමික විද්‍යාලයීය සිසුසිසුවියන්ගේ අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් පාසල් බෑග් සහ අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් ඉකුත් බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින එම පාසල් පරිශ්‍රයේදී සංවිධානය කරන ලදී.
පාසල් ළමුන් වෙනුවෙන් එහිදී, ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් ද පවත්වන ලදී.
මෙම අවස්ථාව සඳහා විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එස්.ඩබ්ලිව්.කේ ගල්හේනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.