Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

21st May 2024 18:36:44 Hours

විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී පැවැත්වූ ‘The Cast Master’ පාඨමාලා අංක - 02 සාර්ථකව අවසන්

මුලතිව්, නයාරු හි පිහිටි විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේදී 2024 මැයි 05 දින ආරම්භ කරන ලද ‘The Cast Master’ පාඨමාලා අංක - 02 මැයි මස 15 දින සාර්ථකව අවසන් කරන ලද අතර, මෙම පාඨමාලාව සඳහා කමාන්ඩෝ රෙජිමේන්තුවේ සහ විශේෂ බලකා රෙජිමේන්තුවේ සෙබළුන් 10 දෙනෙකු සහභාගී වූහ.

මෙම පාඨමාලාව මගින් සාම්ප්‍රදායික නොවන යුද්ධයකදී අත්‍යවශ්‍ය සමුද්‍රීය ආරක්‍ෂාවට විශේෂිත වූ න්‍යායික හා ප්‍රායෝගික දැනුම, ආපදා ප්‍රතිචාර, මානුෂීය ආධාර සහ රැකවරණ උපක්‍රම භාවිතය යන සාම්ප්‍රදායික යුධ උපක්‍රම වලින් වෙනස් තාක්‍ෂණික ක්‍රම පිළිබඳව අවධානය යොමු කරන ලදී.

විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත විශේෂ බලකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසලේ පළපුරුදු උපදේශක මණ්ඩලයක් මගින් මෙම පාඨමාලාව පවත්වන ලදී.