Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

13th March 2020 15:02:28 Hours

විශේෂ අවශ්‍යතා සහිත ළමුන් පිරිසක් පලාලි ගුවන් තොටුපලේ සංචාරයක

උඩුවිල්, චුන්නාගම් සහ යාපනය ප්‍රදේශයේ ළමා නිවාසවල නේවාසිකව ප්‍රතිකාර ලබන විශේෂ අවශ්‍යතා සහිත ළමුන් 31 දෙනෙකු ඔවුන්ගේ ගුරුවරුන් සහ දෙමාපියන් සමඟ පලාලි ගුවන් තොටුපලෙහි ක්‍රියාකාරීත්වය නැරඹීම සඳහා ඉකුත් බදාදා (31) දින පලාලි ගුවන් තොටුපළට පැමිණි අතර එහිදී, ඔවුන්ට අවශ්‍ය සියලුම පහසුකම් යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සපයන ලදී. 

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ උපදෙස් හා මඟපෙන්වීම මත මෙම සංචාරය සංවිධානය කරන ලද අතර පලාලි ගුවන් තොටුපල වෙත සපැමිණි සියලුදෙනාට යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් කෙටි ආහාරපාන සංග්‍රහයක් ද පිරිනැමීය. affiliate link trace | Nike Shoes