25th January 2023 21:33:41 Hours
පම්පෙමඩු බලඇණි පුහුණු පාසලේ පැවති විශේෂ අතිරේක ප්‍රහාරක ඛණ්ඩ පුහුණු පාඨමාලාව - අදියර 03 සාර්ථකව නිමකළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය පසුගිය අඟහරුවාචා (24) දින ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
21, 54, 56, 62 සහ 65 වන සේනාංකවල ඛණ්ඩ 05 ක නිලධාරීන් 05 දෙනෙකු සහ සෙසුනිලයන් 124 දෙනෙකුගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් මස 19 දින සිට ජනවාරි මස 24 දින දක්වා මෙම පාඨමාලාව පැවැත්විණි.
ජීපීඑස් (GPS) යන්ත්‍ර හැසිරවීම, මාර්ෂල් ආර්ට්, ආත්මාරක්‍ෂක සටන් ක්‍රම, අවි රහිත සටන් ක්‍රම, ප්‍රභූ ආරක්‍ෂක ක්‍රමවේද, වෙඩි ද්‍රව්‍ය හදුන්වාදීම් හා බිඳ හෙලීම්, අවි හැසිරවීම හා ජීව වෙඩි තැබීම් මෙන්ම යුධ මූලධර්මයන් සහ අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි පිළිබදව ප්‍රායෝගික මෙන්ම න්‍යායාත්මක දැනුම ලබාදෙමින් මෙම පාඨමාලාව පැවැත්විණි.
පාඨමාලාවේ සමාප්ති දේශනය ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි විසින් පවත්වන ලදී. මෙම සහතිකපත් ප්‍රදානෝත්සවය සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.
පාඨමාලාවේ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් සහ සෙසුනිලයන් පහතින් දැක්වේ:
හොඳම ඛණ්ඩය- - 54 වන සේනාංක ඛණ්ඩය
හොඳම අට දෙනාගේ කණ්ඩායම- - 54 වන පාබල සේනාංකය, 8 වන විජය බාහු පාබල රෙජිමේන්තුව, 3 වන අංශය
හොඳම ඛණ්ඩභාර නිලධාරි- - 17 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් ජී.එන්.ආර්. ජයවීර
සෑම අතින්ම අතිශූර සෙබලා- - කෝප්‍රල් එල්.එච්.එන්.කේ ලන්සකාර 8 වන විජයබාහු පාබල රෙජිමේන්තුව
හොඳම වෙඩික්කරු- - 17 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ දෙවන ලුතිනන් ජී.එන්.ආර්. ජයවීර
හොඳම ශාරීරික යෝග්‍යතාවයට හෙබි සෙබලා- - 17 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ කෝප්‍රල් ආර්.එම්.එන්.එස්. රත්නායක