Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
රෙජිමේන්තු ඉතිහාසයන්
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
14th August 2016 14:28:08 Hours
විශ්‍රාම යන මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත හමුදා ආචාරය
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් වෙත යුද හමුදාවට සහ තම මව්බිමට සිදු කරන ලද අනුපමේය සේවය අගයමින් යුද හමුදා දිවියෙන් සමුගැනීම සනිටුහන් කරමින් හමුදා සම්ප්‍රදායානුකූලව පවත්වන ලද උත්සවය බ්‍රහස්පතින්දා (11) දින කොළඹ රොක්හවුස්හි පිහිටි ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වන ලදී. එහිදී මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් වෙත කඳවුරු සම්මාන මුරයක් පිරිනැමු අතර, අනතුරුව 1 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් එල්.කේ.ටී. ප්‍රනාන්දු විසින් පිළිගන්නා ලදි. එමෙන්ම, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩී.ටී. ගමගේ සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ආර්.ජි.යූ. රාජපක්ෂ විසින් මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව සරඹ භූමියේ දී එම බලකා භට පිරිස් විසින් ආචාර සම්මාන මුරයක් ද පිරිනැමීය. මෙහිදි නික්ම යන කර්නල් සේනාවිධායක විසින් උත්කර්ෂවත් සම්මාන පෙළපාලිය නිරීක්ෂණය කළ අතර, පෙළපාලියේ අණදෙන නිලධාරි මෙන්ම බ්‍රිගේඩියර් ඩි.ටි. ගමගේ සහ බ්‍රිගේඩියර් ආර්.ජි.යූ. රාජපක්ෂ ද මීට එක්ව සිටියහ. අනතුරුව, මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් විසින් කර්නල් සේනාවිධායක තනතුරෙහි වගකීම් නිල වශයෙන් අත්සන් තබමින් ඔහුගේ අනුප්‍රාප්තික නිලධාරී හට භාරදෙන ලදි. තවද, රොක් හවුස් කඳවුරු පරිශ්‍ර යේ පැළයක් රෝපනය කිරීම ද, කොමිෂන් නොලත් නිලධාරී සමාජ ශාලාවේ දී සියලු නිලයින් සමගින් තේ පැන් සංග්‍රහයකට සහභාගිවීම ද සිදු කළ අතර, ඒ සමඟින් එදින වැඩසටහන නිමාවට පත්විය. නික්මයන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනීතා ඒකකයේ සභාපතිනි නිලංජනී පිරිස් මහත්මිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ. මෙම උත්සවයේ අවසානය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා නිලධාරීන් සහ සෙසු නිලයින් විසින් නික්මයන කර්නල් සේනාවිධායක වෙත ‘ජය ශ්‍රී’ කීම සිදුකරන ලදි. විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් නන්දන උඩවත්ත, අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් බි.ඒ. පෙරේරා, ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා සම්බන්ධිකරණ නිලධාරී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා සහභාගි වූහ. තවද, මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් වෙනුවෙන් තවත් සමුගැනීමේ සාදයක් බදාදා සන්ද්‍යාවේ රොක් හවුස් කඳවුරේ දී පැවැත් වූ අතර, එහි ප්‍රධාන අමුත්තා ලෙස යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සහභාගි විය.
Running sport media
|
Nike Air Force 1'07 Essential blanche et or femme - Chaussures Baskets femme - Gov