Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
29th March 2016 13:55:31 Hours
විවිධ වැඩසටහන් සමගින් ස්වේච්ඡා බලසේනාව සිය 135 වසරක ගමන්මග සමරයි
දිගු ඓතිහාසික ගමන්මගකට උරුමකම් පානා ස්වේච්ඡා බලසේනාව සිය 135 වන සංවත්සරය නිමිත්තෙන් මාර්තු මස (28) වන දින සිට සතියක් පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එහි සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් කොස්ගම ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සඳුදා (28) පෙරවරුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේ දී පැහැදිලි කෙරිණි. මෙම සැමරුම් වැඩසටහන් මාලාවේ පළමු අදියරේ දී දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව මෙම බලසේනාව යටතේ ඇති ඒ ඒ ඒකකවලින් එම භූමි තුල පැළ 135 ක් රෝපණය කිරීමට සැළසුම් කොට ඇත. මෙලෙස මාර්තු 28 - 31 දක්වා රෝපණය කෙරෙන සමස්ත පැළ ප්‍රමාණය 13,500 ක් ලෙස ගණනය වන අතර, රජයේ ජාතික රුක්රෝපණ වැඩසටහනට සමගාමීව මෙය සිදු කෙරේ. දේශගුණික සහ භූගෝලීය සාධක පාදක කොටගෙන තෝරාගත් ස්ථානවල මෙම පැළ රෝපණය කිරීමට සැලසුම් කොට ඇති බව මේජර් ජෙනරාල් ගුණතිලක පැවසීය. එමෙන්ම මාර්තු මස 30 වන දින ආගමික වතාවත් ඉටු කරමින් සැමරුම් වැඩසටහනේ සර්වරාත්‍රික පිරිත් දේශනාව පැවැත්වෙන අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මේජර් ජෙනරාල් චන්න ගුණතිලක සහභාගිවීමට නියමිතය. ඉන් පසු මෙම බලසේනාව ස්ථාපිත කළ අප්‍රේල් මස (01) දින සම්ප්‍රදායානුකූලව හමුදා ගෞරවාචාර පුද කිරීම සිදු කෙරේ. ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක එම බලසේනා මූලස්ථානයට පැමිණීම සහ හෙතෙම වෙත එදින සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙලපාලියක් පිරිනැමීමට ද නියමිතය. එමෙන්ම සංවත්සරයට සමගාමීව ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සියලු නිලධාරීන් සහ සෙසු නිලයින් විෂයෙහි දිවාභෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය. සංවත්සර වැඩසටහන් මාලාවේහි අවසන් අදියර ලෙස සිය ගණනක් වූ සෙබලුන්ගේ සහභාගිත්වයෙන් ප්‍රජා සත්කාරක වැඩසටහන් ලෙස හන්වැල්ල වැඩහිටි නිවාසය සඳහා දිවා ආහාර වේලක් පිරිනැමීම සහ කොස්ගම මූලික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ ශ්‍රමදාන වැඩසටහනක් ද සංවිධානය කර ඇත. මෙම සංවත්සර වැඩසටහනට සමගාමීව සඳුදා (28) පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව සඳහා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩී.එල්.පී වික්‍රමසිංහ සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ. රටෙහි ජාතික ආරක්ෂක රාජකාරී සඳහා සහ නැවත ගොඩනැගීම් කටයුතු සඳහා ශ්‍රී ලංකා යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් 2,000 ක් සහ සෙසු නිලයින් 60,000 ක් පමණ විවිධ වෘත්තීය මට්ටම් හරහා රාජකාරී කරනු ලැබේ.
buy shoes
|
adidas Ultra Boost 1.0 DNA ZX 9000 Mint - Grailify