Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

05th December 2023 19:10:19 Hours

විනයාරක්‍ෂ අධ්‍යක්‍ෂ මණ්ඩලය ‘ඇඟිලි සලකුණු’ අධ්‍යනය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සාමාජිකයින් සඳහා ‘ඇඟිලි සළකුණු’ අධ්‍යනය පිළිබඳව දැනුම ලබා දීමේ අරමුණින් විනයාරක්‍ෂ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ඇඟිලි සලකුණු කාර්යාංශය, පොලීසියේ සහයෝගය ඇතිව එක්දින වැඩමුළුවක් පොල්හේන්ගොඩ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථාන පරිශ්‍රයේදී පසුගිය අඟහරුවාදා (නොවැම්බර් මස 21) දින පවත්වන ලදී.

වැඩමුළුවේ ආරම්භක දේශනය ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ. ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී විසින් සිදුකරන ලදී.

දීප ව්‍යාප්තව විනයාරක්‍ෂක රාජකාරි සිදුකරන කොමිෂන් නොලත් නිලධාරීන් 66 දෙනෙකු මෙම වැඩමුළුව සඳහා සහභාගී වූ අතර, එහිදී ඔවුන් වෙත ඇඟිලි සලකුණු පිළිබඳ ඉතිහාසය, විශ්ලේෂණය, සංසන්දනය, හඳුනාගැනීම සහ වර්ගීකරණය, විශේෂිත ඇඟිලි සලකුණු වර්ග ආදී ප්‍රායෝගික සහ න්‍යයාත්මක කරුණු පිළිබඳ දැනුම ලබාදෙනු ලැබූහ.

ඇඟිලි සලකුණු අධ්‍යනය සහ අදාළ විෂය ක්ෂේත්‍රය පිළිබඳව යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කොමිෂන් නොලත් නිලධාරීන්ගේ දැනුම වැඩි දියුණු කිරීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ විය.

පුහුණු වැඩමුළුව අවසානයේදී සහභාගී වූවන් සඳහා සහතික පත් ප්‍රදානය කල අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් විනයාරක්‍ෂක කර්නල් ඊ.එම්.අයි ඒකනායක සහභාගී වූයේය.