Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

09th February 2017 17:56:20 Hours

විධායක අධිකාරිවරුන් සඳහා වැඩමුළුවක්

යුද හමුදා විධායක අධිකාරිවරුන්ගේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩමුළුවක් පෙබරවාරි මස 06 සහ 07 යන දිනයන්හි දී බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ දී පවත්වන ලදි.

ඒ සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු ඒකකයන්හි සේවයේ නියුතු නිලධාරින් 24 දෙනෙක් මේ සඳහා සහභාගි වූ අතර, එහිදි විධායක අධිකාරිවරුන්ගේ කාර්යභාරය සහ රාජකාරි ස්භාවය පිළිබඳ දැනුවත් කිරිම සිදු කෙරිනි.

බ්‍රහස්පතින්දා (09) දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මුලස්ථානයේ පැවති මෙම වැඩමුළුවේ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහභාගි වූ අතර, ඔහු විසින් පාඨමාලාව හැදැරූවන් වෙත සහතික් පත් ද ප්‍රදානය කරන ලදි.

විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඩබ්.එස්. ආරියසිංහ විසින් මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා පිළිගනිමින්, පිළිගැනිමේ කතාව ද සිදු කළහ.

latest Running | Yeezy Boost 350 Trainers