Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

19th January 2021 22:05:24 Hours

විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට පැමිණිමේ වර්ධනය කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ කාර්ය සාධක බලකායේ පැසසුමට

කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම වෙනුවෙන් ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ විශේෂ සාකච්ඡාවක් අද (19) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම අවස්ථාව සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍යවරුන් ඇතුළු පාර්ශවකරුවන් පිරිසක් සහභාගී වූහ.

මෙම සාකච්ඡාවේදී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රැස්ව සිටි පිරිස දැනුවත් කරමින් සඳහන් කර සිටියේ කාත්තන්කුඩි පොලිස් කොට්ඨාශය හැර අනෙකුත් සියලුම පොලිස් කොට්ඨාශයන් මේවන විටත් හුදකලා කිරිමෙන් ඉවත් ඇති බවත්, එවැනි හුදකලා කිරීම් පැනවීම සිදුවන්නේ නව අසාදිතයන් බහුලව වාර්තාවන දිස්ත්‍රික්කයන්හී සම්බන්ධීකාරකවරුන්ගේ ඉල්ලීම මත පමණක් බවත්ය. තවද එවැනි ඉල්ලීම් යොමු කිරීමෙන් පසුව, ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට පෙර එහි නිවැරදිතාවය පිළිබඳ ඇගයීමට ලක් කරන බවද ප්‍රකාශ කර සිටියේය.

තවද, මෑත දිනවල ගම්පහ, කළුතර, මාතර, කොළඹ, මහනුවර සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් නව රෝගීන් වාර්තා වීම සුළු වශයෙන් ඉහළ යාමට හේතු වූ කරුණු පිළිබඳව ද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි විස්තර කළේය. තවද රට තුළ පොකුරු ආකාරයෙන් ආසාදිතයින් බහුලව දක්නට නොලැබෙන බවත් පැවසීය.

තවද, ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයන් රැගත් ගුවන් ගමන් පැමිණීම ඉහළ ගොස් ඇති බවත්, රජය විසින් පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 200-300 කට ආසන්න ප්‍රමාණයක් සහ මුදල් ගෙවා නිරෝධායන සිදුකරනු ලබන මධ්‍යස්ථාන 75-100 ක් පමණ ඇති බවත්, මෙරටට පැමිණෙන විදෙස් ශ්‍රමිකයන් රාජ්‍ය වියදමින් නිරෝධායනය කිරීමට අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නේය. වසංගතය සම්බන්ධයෙන් සාකච්ඡාවට සහභාගී වූ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් වර්තමාන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කළ අතර ඔවුන් හෝටල්කරුවන් සමඟ කළ සාකච්ඡා පිළිබඳව ද අවධානය යොමු කළේය. ඊයේ දිනය තුළ පමණක් විදේශිකයන් 200 ක් රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නිරෝධායන ක්‍රියාවලිය සඳහා යොමුකර ඇති බවද සඳහන් කළේය. Best jordan Sneakers | Vans Shoes That Change Color in the Sun: UV Era Ink Stacked & More – Fitforhealth News