Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

05th January 2016 17:31:40 Hours

විජයබාහු සෙබලුන්, නික්ම යන තම සේනාවිධායක වෙත සුභ පතමින් නව සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගනි

නික්ම යනු ලැබූ විජයබාහු පාබල රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජගත් ඩයස් වෙත එම රෙජිමේන්තු සෙබලුන් විසින් සුභ පැතීමේ උත්සවයක් දෙසැම්බර් (29) දින බෝයගනේ පිහිටි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේ දී සංවිධානය කරනු ලැබීය. එහි දි විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් පැවැත් වූ අතර, සේනාවිධායක විසින් විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීම ද සිදුවිය. අනතුරුව සියලු නිළයින් ඇමතු සේනාවිධායකතුමා සියලු නිළ තේ පැන් සංග්‍ර‍හය සඳහා ද එක් විය. තවද, විජයබාහු පාබල රෙජිමේන්තු නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධන දෙසැම්බර් (30) දින සිය ධූරයෙහි රාජකාරී භාරගන්නා ලදි. එහිදි ද විජබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් සම්මාන මුරයක් සහ සම්මාන පෙලපාලියක් නව සේනාවිධායක වෙත පිරිනැමූ අතර, නව සේනාවිධායක විජයබාහු පාබල රෙජිමේන්තු රණවිරු සමාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමට ද එක් විය. අනතුරුව නව සේනාවිධායක මේජර් ජෙනරාල් ගුණවර්ධන ආගමික ආශිර්වාද මධ්‍යයේ නව ධූරයෙහි රාජකාරී භාර ගනු ලැබීය. මෙම අවස්ථාව සදහා විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන සේවිධායක ඇතුළු නිළධාරීන් බොහෝ පිරිසක් සහභාගි වූහ.