Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

20th March 2024 17:15:29 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනය සාර්ථකව පවත්වයි

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත , 2024 වසරේ පළමු කාර්තුව සඳහා වූ නිලධාරී පුහුණු දිනය එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 14) දින සාර්ථකව පවත්වනු ලැබීය.

රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී උදෑසන ශාරීරික පුහුණු අභ්‍යාසයට සහභාගිවීමෙන් පුහුණු දිනයේ කටයුතු ආරම්භ කල අතර, අනතුරුව සරඹ පුහුණුව සහ දේශන සැසියන් පැවැත්විණි. ‘The Salute’ බහුකාර්ය ශාලාවේදී ‘Diners Club’ වැඩමුළුවක් ද එදින පැවත්වූහ. එම වැඩමුළුව සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වරලත් ඉංජිනේරුවරයෙකු වන චින්තක බාලසූරිය මහතා ආරාධිත දේශකයා ලෙස සහභාගී වූ අතර, එහිදී එතුමන් ‘කෘෂි ආරක්‍ෂක උපාය මාර්ග: ගැටුම් හෝ අර්බුද සමයන්හි දී ආහාර සුරක්‍ෂිතව තබා ගැනීම’ (Agro-Defense Strategies: Safeguarding Food Security in Times of Conflict) යන මාතෘකාව යටතේ දේශනයක් පවත්වන ලදී. එහිදී නිලධාරීන් සාකච්ඡාව සඳහා ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින්, දේශකයා සමගින් ප්‍රශ්නෝත්තර සැසියක්ද පැවැත්වූහ.

පුහුණු දින වැඩසටහන සඳහා මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වූහ.