27th October 2024 13:52:31 Hours
14 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විජයබාහු පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එන්.එච්. බණ්ඩාරනායක යුඑස්පී ගේ ප්‍රධානත්වයෙන් 2024 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා නිලධාරීන්ගේ පුහුණු දිනය 2024 ඔක්තෝබර් මස 25 දින විජයබාහු පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සාර්ථකව පැවැත්විය.
මෙම පුහුණු දිනයයේ දී උදැසන රෙජිමේන්තු ක්‍රීඩා පිටියේදී ශාරීරික පුහුණු සැසියක් පැවැත්වීම මෙන්ම සියලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් කඳවුරු පරිශ්‍රය තුළ පොල් පැල 200ක් රෝපණය කිරීමෙන් පුහුණු දිනයේ කටයුතු ආරම්භ විය. අනතුරුව, ඉනූෂා නිල්මිණි හෙට්ටිආරච්චි මහත්මිය විසින් "Workplace - based Drug Prevention" යන මාතෘකාව යටතේ කාලෝචිත දේශනයක් සහ කුරුණෑගල පොලිස් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්නක කොබ්බෑවල මහතා "Human Rights Law Enforcement and Ethics" මාතෘකාව යටතේ දේශනයක් සිදුකරන ලදී.
රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සියලුම 1 ශ්‍රේණියේ මාණ්ඩලික නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති සුහඳ සාකච්ඡාවේ දී එම රෙජිමේන්තුවේ රාජකාරි කටයුතු සම්බන්ධව මෙන්ම විජයබාහු පාබල රෙජිමේන්තුවේ අභිවෘද්ධිය සඳහා නිලධාරිගේ යෝජනා හා අදහස් විවිධ කෝණවලින් ඉදිරිපත් කිරීමට එම පුහුණු සැසියට සහභාගීව නිලධාරීන්හට අවස්ථාව හිමිවිය. අනතුරුව, නිලධාරින් සඳහා විනෝදාස්වාදයක් එක්කරමින් ඉන්දියාවේ පළමු ෆීල්ඩ් මාර්ෂල් වරයා වූ සෑම් මැනේක්ෂෝගේ ජීවිතය නිරූපණය කරන "සෑම් බහදූර්" චිත්‍රපටය "Archers" සිනමා ශාලාවේ දී ප්‍රදර්ශනය කරන ලදී. එදි සන්ද්‍යා ක්‍රීඩා සඳහා කැමති ක්‍රීඩාවක් නිරත විමට නිලධාරින්ට අවස්ථාව හිමිවිය.
නිලධාරීන්ගේ පුහුණු දිනයට සමගාමීව එදින Diners Club සැසියක් බෝයගනේ "The Salute"බහුකාර්ය ශාලාවේදී එම රෙජිමේන්තුවේ බලඇණිවල නිලධාරීන් ඇතුළු විවිධ යුද්ධ හමුදා ආයතනයන් නියොජනය කරමින් නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. Diners Club සැසියේ ආරාධිත කථිකයා ලෙස කර්නල් එම්.බී.බී.එන් හේරත් ආර්එස්පී විසින් “Spirit of Leadership through third lense” මැයෙන් තොරතුරු සහ චින්තන ප්‍රබෝධමත් කිරීමේ සුහඳ දේශනයක් පවත්වමින් තම අදහස් එම නිලධාරින් අතර බෙදාගැනීම සිදුකරන ලදී. වර්ණවත් සංස්කෘතික හා සංගීතමය සංදර්ශනයකින් උත්සවය අවසන් වූ අතර, එහිදී නිලධාරීන්ට තම දක්ෂතාවයන් විදහා දැක්වීමට අවස්ථාව හිමිවිය.
මෙම අවස්ථාවට විජයබාහු පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක, රෙජිමේන්තු සභා සාමාජිකයින් කිහිප දෙනෙකු ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ තවත් නිලධාරීන් කිහිප දෙනෙකු ද සහභාගී වූහ.