Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

29th March 2016 14:40:11 Hours

විජයබාහු පාබල රෙජිමේන්තුවට 26 වසරක් සපිරේ

විජයබාහු පාබල රෙජිමේන්තුවට 26 වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සංවත්සර වැඩසහටන එම රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේ.සී ගුණවර්ධනගේ අධීක්ෂණයෙන් අඟහරුවාදා (26) දින බෝයගනේ එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවැත්විය. එහි දී විජයබාහු පාබල රෙජිමේන්තු සෙබලුන් විසින් හමුදා සම්ප්‍ර‍දායානුකූලව රෙජිමේන්තු අධිපති වෙත සම්මාන මුරයක් සහ ආචාර සම්මාන පෙලපාලියක් ද පිරිනමනු ලැබීය. මෙයට සමගාමීව එම රෙජිමේන්තු ‘දුනුවායා’ මාසික සඟරාව ද නිකුත් කරනු ලැබීය. එමෙන්ම එම රෙජිමේන්තුවෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ ජලය පිරිසිදු කිරීමේ මධ්‍යස්ථානය රෙජිමේන්තු අධිපතිතුමා විසින් විවෘත කිරීම එදින තවත් එක් අංගයක් විය. මේ අතරතුර පසුගියදා පැවති මැරතන් තරඟයෙන් ජයග්‍රහණය කළ නිලධාරීන් සඳහා ක්‍රීඩා පාවහන් යුවල 20 ක් රෙජිමේන්තු අධිපතිතුමා විසින් ප්‍ර‍දානය කරනු ලැබීය. අනතුරුව සියලු නිලයින් ඇමතීමෙන් පසු එම රෙජිමේන්තු පරිශ්‍රයේ පැළ 300 ක් රෝපණය කර එදින වැඩසටහන් හි පළමු අදියර නිමා විය. සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් පවත්වා භික්ෂූන් වහන්සේලා 26 නමක් සඳහා දානමය පිංකමක් ද පවත්නු ලැබීය. මෙම අවස්ථාව සඳහා විජයබාහු පබල රෙජිමේන්තු නිලධාරීන් සහ සෙසු නිලයින් බොහෝ පිරිසක් සහභාගි වූහ.spy offers | SUPREME , Fullress , スニーカー発売日 抽選情報 ニュースを掲載!ナイキ ジョーダン ダンク シュプリーム SUPREME 等のファッション情報を配信! - パート 5