Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 08:06:23 Hours

වවුනියාව නියෝජ්‍ය පොලිස්පති වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති හමුවෙයි

වවුනියාව කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති පී.කේ. ධම්මික ප්‍රියන්ත මහතා නව ධූරයේ රාජකාරී භාරගැනීමෙන් අනතුරුව ඉකුත් සඳුදා (06) දින වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි හමුවිය.

මෙම සුහද හමුව අතරතුරදී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු භටපිරිස් සහ වවුනියාව කොට්ඨාසයේ රාජකාරී ඉටු කරන පොලිස් සාමාජිකයින් සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව වන්නි ප්‍රදේශයේ ආරක්‍ෂාව සහ සාමය පවත්වා ගැනීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා අදහස් හුවමාරු කරගත්හ.

මෙම සුහද හමුව අවසානයේ, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් වවුනියා කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති පී.කේ. ධම්මික ප්‍රියන්ත මහතා එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේ සිදුකළ ප්‍රථම නිල සංචාරය සංකේතවත් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කළහ. latest jordans | Nike Air Max 97 GS Easter Egg 921826-016 , Fitforhealth