Skip to main content
Header Block Sinhala
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව
ජාතියේ ආරක්ෂකයා
ENGLISH
தமிழ்
තවදුරටත් සොයන්න
යොමු පෙළගැස්ම
Toggle navigation
මුල් පිටුව
තතු විමසුම
ශ්‍රි ලංකා යුද්ධ හමුදාව
යුද්ධ හමුදාධිපති
යුද්ධ හමුදා ධජය
යුද්ධ හමුදා ගීතය හා ගී පද මාලාව
නිල ඇඳුම් රෙගුලාසි
සේවා රෙගුලාසි
පදක්කම්
යුද්ධ හමුදා රෝහල්
රණවිරු ප්රවීණයන්ගේ පිටුව
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම
අප ගැන
අපගේ ඉතිහාසය
හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්
විශේෂ සබැඳි
සුභසාධන හා පුනරුත්ථාපන වැඩසටහන්
පුහුණුවීම්
පාසල් ඇතුළත්කිරිම්
කොළඹ ආරක්ෂක සමුළුව
1 බලකාය
ආරක්ෂක සේනා මුලස්ථානය - යාපනය
ආරක්ෂක සේනා මුලස්ථානය - වන්නි
ආරක්ෂක සේනා මුලස්ථානය - නැගෙනහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මුලතිව්
ආරක්ෂක සේනා මුලස්ථානය - බටහිර
ආරක්ෂක සේනා මුලස්ථානය - මධ්‍යම
පුවත්
මුල් පුවත
උණුසුම් පුවත්
පුවත් විශේෂාංග
සිවිල් යුද්ධ හමුදා සම්බන්ධීකරණ ව්‍යාපෘති
සේවා වනිතා
සුභසාධන
පුහූණු
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි
ක්‍රීඩා
මාධ්‍ය එකතුව
ඡායාරූප
වීඩියෝ
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දේශන
පුවත් ලේඛණාගාරය (2009 - 2015)
පුවත් ලේඛණාගාරය(2002 - 2009)
ප්‍රකාශන
E - පුවත්පත
රණවිරුවා සඟරාව
සෙබල සිතුවිලි
සරඹ උපදේශන සංග්‍රහය
මහජන සෞඛ්‍ය බුලටීනය
මිල ගණන් කැඳවීම්
අප හා එක්වන්න
යුද්ධ හමුදා දිවිපෙවෙත
නිලධාරීන් සහ නිලධාරිනියන්
සෙසුනිල සෙබළ සෙබළියන්
අප අමතන්න
01st July 2016 19:57:44 Hours
වන්නි සරඹ තරඟාවලිය දෙවන වරටත්
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන අන්තර් සේනාංක සරඹ තරඟාවලිය දෙවන වරටත් ජුනි මස 28 වන දින එම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරාගේ මඟපෙන්වීම යටතේ ආරම්භ වුණි. එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සේනාංකයන්හි රාජකාරී නියුතු යුද හමුදා නිලධාරීන්ගේ සහ සෙසු නිලයින්ගේ පුද්ගලික සරඹ, පෞර්ෂත්වය, ඉවසීම සහ විනය වැඩි දියුණු කිරීමේ අදිටනින් මෙම සරඹ තරඟාවලිය සංවිධානය කරන ලදී. වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ අධීක්ෂණයෙන් 62 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඒ.ඒ කොඩිප්පිලි සහ එම සේනාංකයේ භට පිරිස් මෙන්ම රණසේවාපුර 4 වන ශ්‍රී ලංකා සංඥා බලකා සෙබලුන් එක්ව සංවිධානය කරනු ලැබූ මෙම අන්තර් සේනාංක සරඹ තරඟාවලිය - 2016 හි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා සහභාගි වූ අතර, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද එම අවස්ථාව සඳහා එක් විය. මෙවර සරඹ තරඟාවලියේදී ඉතා තියුණු තරඟයකින් පසු දක්ෂතම සරඹ කණ්ඩායම ලෙස 62 වන සේනාංකයෙහි 17 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම ශූරතාවය ද 21 වන සේනාංකයෙහි 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු කණ්ඩායම අනු ශූරතාවය ද දක්ෂතම ඛණ්ඩ භාර නිළධාරී ලෙස 25 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිතන් ආර්.එම්.ටී.එස්.බී රාජකරුණා ද ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් කුසලාන දිනා ගනු ලැබීය.
latest Running
|
Nike for Men