19th April 2023 20:01:14 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි ඉල්ලීම මත 11 ගැමුණු හේවා බලඇණියේ භටපිරිස්වල සම්බන්ධීකරණයෙන් වෙහෙරතැන්න ප්‍රදේශයේ ජීවත්වන අඩුආදායම්ලාභි පවුල් සහ පාසල් සිසුන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය බදාදා 2023 අප්‍රේල් මස 5 දින වවුනියාව, වෙහෙරතැන්න ග්‍රාම නිලධාරී වසමේදී පවත්වන ලදී.
විවිධ දුෂ්කරතා මධ්‍යයේ දිවිගවෙන පවුල් 180කට වෙහෙරතැන්න ශ්‍රී රත්නසාර විහාරස්ථානය වෙත ආරාධනා කිරීමෙන් අනතුරුව සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සහ නව පාසල් ආරම්භය නිමිත්තෙන් රුපියල් 10,000/= ක් වටිනා වියළි ආහාර සලාක පාර්සල් සහ රුපියල් 6,000/= ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ ලබා දෙන ලදී.
වන්නි දිස්ත්‍රීක්කයේ වෙහෙරතැන්න ජනතාවගේ දුෂ්කරතාවයන් පිළිබද දැනුවත් වූ කැලේපුලියන්කුලම වනරතන හිමියන් විසින් මෙම ව්‍යාපෘතිය සඳහා අනුග්‍රහකයින් සම්බන්ධීකරණය කරනු ලැබු අතර, එහිදි ඒ සඳහා අනුග්‍රහකත්වය ග්ලෝරියස් සන් සමාගමේ වෛද්‍ය අංජු මහතා, මහාචාර්ය ධම්මජෝති හිමි සහ හොංකොං බෞද්ධ සංගමය විසින් දක්වන ලදී.
පරිත්‍යාග වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ සහභාගී වූ අතර, තවද එම අවස්ථාව සඳහා 62 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ කටයුතු නිලධාරී, 11 ගැමුණු හේවා බලඇණියේ ‘ඒ’ ඛණ්ඩායමේ නිලධාරි අණදෙන සහ බෝගස්වැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති සහභාගී වූහ.