Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

27th August 2016 18:50:04 Hours

වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් තවත් පරිත්‍යාග වැඩසටහනක්

කැලණිය, මානෙල්වත්ත විහාරස්ථානයේ විහාරාධිපති මෙන්ම තායිවානයේ මහා නායකහිමි පූජ්‍ය ආචාර්ය බෝදාගම චන්දිම ස්වාමින් වහන්සේගේ කාරුණික අනුග්‍රාහය යටතේ, වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ පූර්ණ අධීක්ෂණය හා සම්බන්ධීකරණය මත එම භට පිරිස් විසින් වන්නි ප්‍රදේශයේ ග්‍රාමියව ජිවත් වන සිවිල් වැසියන් සඳහා අගෝස්තු මස 22 සහ 23 යන දිනයන්හි දී පරිත්‍යාග වැඩසටහනක් සංවිධානය කරන ලදි. මෙම පරිත්‍යාග වැඩසටහන යටතේ සඳුදා (22) දින අනුරාධපුර සුලුගුලු විහාරයේ දී සිවිල් වැසියන් 700 ක් සඳහා වියළි සලාක පාර්සල් බෙදාදීම සිදු කෙරිනි. අඟහරුවාදා (23) දින වෙහෙරතැන්න දී පැවති තවත් උත්සවයක දී සිවිල් වැසියන් 1000 ක් වෙත වියළි සලාක පාර්සල් ද, පාසල් ළමුන් වෙත පාසල් උපකරණ ද බෙදාදෙන ලදි. එම සියලුම පරිත්‍යාගවල වටිනාකම රුපියල් මිලියන 2 කට වැඩිවිය. ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් මෙන්ම සෙසු නිලයින් ඇතුලු බෞද්ධ භික්ෂුන් වහන්සේලා සහ සිවිල් වැසියන් ඇතුලු විශාල පිරිසක් මෙම පරිත්‍යාග වැඩසටහන් සඳහා එක්ව සිටියහ.Sports Shoes | Nike Shoes