Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

02nd December 2016 10:44:01 Hours

වන්නි නව ආඥාපති 21 වන සේනාංකයේ සංචාරයක

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් කුලතුංග සිය ධූරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ප්‍රථම නිල සංචාරය ලෙස අනුරාධපුර පිහිටි 21 වන සේනාංක මුලස්ථානයේ සංචාරය කරන ලදි.

එහි පැමිණි ආඥාපතිතුමන්ව 21 වන සේනාංකයේ සේනාංකාධිපති විසින් පිළිගත් අතර, අනතුරුව භට පිරිස් විසින් කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන පෙළපාලියක් පිරිනමන ලදි.

එමෙන්ම, මෙම සංචාරය සිහිවනු වස් වන්නි ආරක්ෂක සේනා ආඥාපති විසින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපනය කළහ.

ඉන් අනතුරුව, 21 වන සේනාංකයේ සේනාංකාධිපති එම ප්‍රදේශයේ රාජකාරි ස්භාවය පිළිබඳව ආඥාපතිතුමාව දැනුවත් කරනු ලැබිය. තවද ආඥාපතිතුමා සමූහ ඡායාරූපයකට ද පෙනීසිටි අතර, අනතුරුව භට පිරිස් අමතන ලදි. එහි පැවති සියලු නිල තේ පැන් සංග්‍රහයත් සමඟින් එදින වැඩසටහන නිමා විය.

එමෙන්ම, ආඥාපතිතුමා මෙම සංචාරයේ දී අනුරාධපුර, අභයවැව, ගජබා ආරාමයේ විහාරාධිපති පූජ්‍ය හකුරුවෙල චන්ද්‍රාලෝක ස්වාමින් වහන්සේ ද හමුවිය.

21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්.ආර්.පී.ද සිල්වා, බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අනෙකුත් නිලධාරීන් සහ සෙසු නිලයින් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

Nike Sneakers | Upcoming 2021 Nike Dunk Release Dates - Iebem-morelos