Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් ආරම්භ කරන ලද ‘බුඩෝ’ ආත්ම-ආරක්‍ෂක සටන් පාඨමාලාව සාර්ථකව අවසන් වෙයි

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත සියලුම ඒකකයන් නියෝජනය කරමින් තෝරාගත් නිලධාරීන් සහ සෙසුනිළයින් කණ්ඩායමක් සඳහා “කියෝෂිරියු බුඩෝ” ආත්ම-ආරක්‍ෂක සටන් කලාව පිළිබඳ පුහුණුවක් ලබාදෙන ලදී.

හදිසි ප්‍රතිචාර දැක්වීමේ සෙබළුන් කණ්ඩායමක් පුහුණු කිරීම අරමුණින් යුද්ධ හමුදාධිපතිගේ උපදෙස් මත 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් මෙම ‘බුඩෝ’ ආත්ම-ආරක්‍ෂක සටන් කලා ශෛලිය ප්‍රථමයෙන්ම හඳුන්වාදෙන ලදී.

මෙම බුඩෝ ආත්ම-ආරක්‍ෂක සටන් කලා පුහුණු පළමු සැසිය අගෝස්තු මස 01 වන දින වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී ආරම්භ කරන ලද අතර වැඩකරන දින 15 ක් පුරා අඛණ්ඩව පැවති මෙම පුහුණු සැසිය අගෝස්තු මස 17 වන දින සාර්ථකව අවසන් විය.

මෙම ‘කියෝෂිරියු බුඩෝ’ යනු ලොව පුරා බොහෝ රටවල් විසින් අනුගමනය කරනු ලබන සුප්‍රසිද්ධ සටන් කලා ශෛලියකි. මෙම සටන් කලා ශෛලියේ ආරම්භකයා වූයේ එවකට ජපානයේ ජාතික පොලිස් ඒජන්සියේ පාතාලය තුරන් කිරීමේ ඒකකයේ ප්‍රධානියා වූ ප්‍රධාන ගුරු (සොකේ) කළුපටි 10 වන ශ්‍රේණිය හන්ෂි කියෝෂි සකමොතෝ (Hanshi Kiyoshi Sakamotho) මහතාය.

වෙනත් ශෛලීන් මෙන් නොව, “කියෝෂිරියු බුඩෝ” යනු හුදෙක් සටන් කලාවක් පමණක් නොව, එය මානසික හා ශාරීරික පීඩනය යටපත් කිරීම වැනි ඕනෑම අභියෝගාත්මක තත්වයක් තුළ ස්ථාවර මානසිකත්වයක් ඇති පුද්ගලයෙකු රඳවා තබා ගැනීම අරමුණු කරගත් ආත්ම-ආරක්‍ෂක සටන් කලාවක් ලෙස මුතුන් මිත්තන් විසින් මෙම සටන් කලාව නිර්මාණය කර ඇත. මනා දැනුමක් හා නිසි පුහුණුවක් ඇති පුද්ගලයෙකුට දුෂ්කර කාර්යයන් කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ඉටු කරගැනීමට ද මෙම සටන් කලාව උපකාරිවනු ඇත. එමෙන්ම, ආත්ම විශ්වාසයෙන් හා ශක්තියෙන් හදිසි අවස්ථා කළමනාකරණය කරගැනීමට ද “කියෝෂිරියු බුඩෝ” සටන් කලාව තුළින් ජනනය වන තවත් වැදගත් සාධකයකි.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ පවත්වන ලද මෙම කෙටිකාලීන පාඨමාලාවේ මූලික අරමුණ වනුයේ, යුද්ධ හමුදා සාමාජිකයින්ට ඔවුන්ගේ පුද්ගලික ආත්ම ආරක්‍ෂාව සහ රාජකාරී කිරීමේදී ඇතිවන බහුවිධ බලපෑම්වලට මුහුණදීම සඳහා ඔවුන් පුහුණු කිරීමයි. මෙම පාඨමාලාව යුද්ධ හමුදා සාමාජිකයින්ට දෛනික රාජකාරී, හදිසි අවස්ථා සහ අභ්‍යන්තර ආරක්‍ෂක කටයුතු වැනි විශේෂ රාජකාරි ඉටු කිරීමේදී ඔවුන්ගේ ශාරීරික හා මානසික ස්ථාවරත්වය පවත්වා ගැනීම සඳහා විශාල වශයෙන් පිටුවහලක් වෙයි.

මෙම පුහුණු පාඨමාලාව ඵලදායි ප්‍රවේශයක් ලෙස වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් පුහුණු පාඨමාලාවක් ලෙස ඉදිරියට ගෙන යාමට සැලසුම් කර ඇති අතර යුද්ධ හමුදා සාමාජිකයින් 2000 කට අධික සංඛ්‍යාවක් (හදිසි ප්‍රතිචාර කණ්ඩායම) පුහුණු කිරීමට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය අපේක්‍ෂා කරයි. මෙහි පළමු අදියරේදී නිලධාරීන් 25 දෙනෙකු සහ සෙසුනිළයින් 1000 ක් පුහුණු කරන ලද අතර ඔවුන් ඉකුත් සෙනසුරාදා (17) දින සාර්ථකව පුහුණුව අවසන් කරන ලදී.

මෙම පාඨමාලාවේ ප්‍රධාන උපදේශක ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සටන් කලා උපදේශකවරයෙකු වන කළුපටි 8 වන ශ්‍රේණියේ රෙන්ෂි ක්ලෙමන්ට් ද සොයිසා (Hanshi Kiyoshi Sakamotho) කටයුතු කළ අතර පළපුරුදු සහ සුදුසුකම් ලත් යුද්ධ හමුදා උපදේශකවරුන් කණ්ඩායමක් විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ කර්නල් ප්‍රධාන මාණ්ඩලික ලුතිතන් කර්නල් ජි.බී.ඩබ්ලිව්.එම්.ආර්.කේ.ආර් බණ්ඩාර ගේ උපෙදස් මත ප්‍රධාන මාණ්ඩලික නිලධාරී II (පුහුණු) මේජර් එස්.යූ.බී පිලිමතලව්වේ ගේ අධීක්‍ෂණය යටතේ සියළුම පුහුණු සැසි මාලාවන් පවත්වන ලදි.

මෙම පාඨමාලාවේ සමාප්ති උත්සවයට සහ පාඨමාලාව සඳහා සහභාගිවූවන්ට සහතිකපත්‍ර ප්‍රදානය කිරීමට වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන සහභාගී විය.

මෙම ආත්ම-ආරක්‍ෂක සටන් කලා ප්‍රදර්ශනය සහ සම්මාන ප්‍රධානෝත්සවය සඳහා ප්‍රධාන උපෙද්ශක රෙන්ෂි ක්ලෙමන්ට් ද සොයිසා මහතා ඇතුළු උපදේශක කණ්ඩායම, 21, 54 හා 61 වන සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී, වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භඨකාර්ය සම්පාදන නිලධාරී කර්නල් ජේ.බී රන්දෙණිය ඇතුළු එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සියලුම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අනෙකුත් නිලධාරීන් සහභාගි වූහ. buy footwear | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ