Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th July 2019 22:45:05 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති ඉංජිනේරු බලසේනාවේ සංචාරයක

නව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ඉකුත් බ්‍රහස්පතින්දා (11) දින බූඔය පිහිටි ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරතවූ අතර එහිදි ඉංජිනේරු බලසේනාවේ බලසේනාධපිති බ්‍රිගේඩියර් ඒ.එන්. අමරසේකර විසින් එතුමන්ව උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.

ඉංජිනේරු බලසේනාව වෙත සපැමිණි වන්නි ආරක්‍ෂක සේනා ආඥපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉංජිනේරු බලසේනාවේ සිදුකල සංචාරය සංකේතවත් කරමින් කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් ද රෝපණය කරන ලදී. ඉන් අනතුරුව, ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපතිතුමන් විසින් බලසේනාවේ කාර්යභාරය සහ වගකීම් පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් වන්නි ආඥාපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලදී.

අනතුරුව, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉංජිනේරු බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් අමතනු ලැබීය. ඉන් අනතුරුව, සංචාරයේ විශේෂ අවස්ථාවක් ලෙස ප්‍රතිසංස්කරණය කරන ලද නිලධාරී නිවස්නය විවෘත කල ආඥාපතිතුමන් සෙසුනිල භෝජනාගාරය, සලාක ගබඩාව සහ මුළුතැන්ගෙය නිරීක්‍ෂණය කළහ.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් මෙම සංචාරය අතරතුරදී, 8 වන ක්‍ෂේත්‍ර ඉංජිනේරු රෙජිමේන්තුවේ නව ඉදිකිරීම් කටයුතු පිළිබඳව ද නිරීක්‍ෂණය කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ඉංජිනේරු බලසේනා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මෙන්ම ඉංජිනේරු බලසේනාව යටතේ ස්ථාපිත සියලුම ඒකකයන්හි අණදෙන නිලධාරීන් සහභාගි වූහ. Nike air jordan Sneakers | adidas Yeezy Boost 700 , Ietp