Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

12th January 2020 11:00:12 Hours

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඉදිරි නඩත්තු පෙදෙසේ සංචාරයක

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් බදාදා (8) දින ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද හා ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හී නිල සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුරදී, වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකාය, 2 වන ඉංජිනේරු සේවා බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකාය, 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය සහ අනුරාධපුර හමුදා රෝහලේ සේවයේ නියුතු නිලධාරින් සමඟ පරිපාලන සහ වෙනත් ක්‍රියාකාරී කරුණූ පිළිබඳව සාකච්ඡා කරනු ලැබීය.

ඒකක සහ අනෙකුත් ස්ථානයන්හි අණදෙන නිලධාරීන් ඔවුන්ගේ නිශ්චිත කාර්යභාරයන් පිළිබඳව වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් දැනුවත් කළහ. Mysneakers | Nike Shoes